mushroom1

බිම්මල් ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය විසින් බිම්මල් ආශ්‍රිත අගය එකතු කල  නිෂ්පාදන පිළිබඳව තාක්ෂණික පුහුණු වැඩමුළුවක් අප මණ්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩමුළුවේදී ,

  • බිම්මල් පවුඩර්
  • බිම්මල් බිස්කට්
  • බිම්මල් සොසේජස්
  • බිම්මල් මෝජු
  • බිම්මල්සීනිසම්බෝල සහ
  • බිම්මල් බයිට්ස්

නිෂ්පාදනය පිළිබඳව අවශ්‍ය තාක්ෂණික දැණුම ලබා දීම සිදු කෙරේ.
බිම්මල්, අස්වැන්න නෙලීමෙන් පසු කෙටි කාලයක් තුල දී භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්වන ආහාරයකි. බිම්මල් අගය එකතු කල නිෂ්පාදන සිදු කිරීම මගින් බිම්මල් අපතේ යාම වලක්වා ගැනීම, පරිභෝජනයට සුදුසු කාලය දීර්ඝ කිරීම සහ වැඩි මිලක් ලබා ගැනීමට ද හැකි වේ.

වැඩමුළුව පවත්වන දිනය 2017 දෙසැම්බර් 29
ස්ථානය  තාක්ෂණික සේවා අංශය,  කාර්මික සංවර්ධන මණ්ඩලය 
අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව
වේලාව  පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
ගාස්තුව  රු. 2300/= (වැට් බදු ඇතුලත්ව)

(ලිපි ද්‍රව්‍ය සහ උදේ සවස තේ දිවා ආහාර සපයනු ලැබේ. සහභාගිවන්නන් සඳහා සහතික පත්‍රයක් පිරිනැමේ.)

උක්ත පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වීමට කැමති නම්, ලංකා බැංකුවේ ඉඩම ශාඛාවේ ගිණුම් අංක: 0070034730 ට“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය” නමින් අදාල මුදල් බැර කර බැංකු බැරපතේ පිටපතක් සමඟ ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ වැඩමුළුවේ නම සඳහන් කර වැඩමුළුව පවත්වන දිනට දින 2කට හෝ ඊට පෙර පහත සඳහන් ෆැක්ස් අංකයට යොමු කරන්න.  වැඩමුළුවට පැමිණෙන විට බැංකු බැරපතේ මුල් පිටපත රැගෙන ආ යුතුය.  ප්‍රධාන කාර්යාලයේ තාක්ෂණික සේවා අංශයට සහ අපගේ දිස්ත්‍රික් කාර්යාලවලට මුදලින් ද ගෙවීම සිදුකල හැක.

වැඩි විස්තර


අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය                  දුරකථන: 011-2605278/2605326
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය                 ෆැක්ස් අංක: 011-262384/ 011-2607002
අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව       ඊ-මේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it., This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

 

Scroll To Top