ග්‍රාමීය ප්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කිරීමේදී ඇති එක් ප්‍රධාන බාධකයක් වී ඇත්තේ කර්මාන්ත පිහිටුවීම සදහා යෝග්‍ය ස්ථාන සොයා ගැනීමේ අපහසුතාවය සහ කර්මාන්ත ආරම්භ කිරිම සඳහා මුලික අවශ්‍යතා වන ඉඩම් හා යටිතල පහසුකම් සඳහා ආරම්භයේදී විශාල ප්‍රාග්ධන වියදමක් දැරීමට සිදුවිමේ දුෂ්කරතාවන්ය. ඔවුනට පහසුකම් සැපයීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පහත දැක්වෙන යටිතල පහසුකම් සහිතව දැනටමත් රට පුරා කාර්මික ජනපද ස්ථාපිත කර තිබේ.

  • සංවර්ධික බිම් කොටස් හා පිරිනිමි ගොඩනැගිලි
  • අභ්‍යන්තර මාර්ග
  • ජලය ගබඩා කිරීමේ හා ‍බෙදාහැරීමේ පද්ධති
  • අභ්‍යන්තර විදුලිබල බෙදාහැරීමේ පද්ධති
  • විදුලි ‍සංදේශ සේවා
  • මලාපවහන සහ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති (කාණු, මනුවලවල්, පොම්පාගාර ආදිය)
  • පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවා

කාර්මික සංවර්ධන මන්ඩලය යටතේ දැනට පවතින කර්මාන්ත ජනපද හා වැඩබිම්

කර්මාන්ත ජනපද වර්තමාන තත්වය ( 2021 සැප්තැම්බර් 31 දිනට)
කර්මාන්ත ජනපද දිස්ත්‍රික්කය මුළු ඒකක/
බිම් කොටස්
දැනට භාවිතයට
ගෙන ඇති
බිම් කොටස්
හිස්ව පවතින
බිම් කොටස් සංඛ්‍යාව
කර්මාන්ත
ව්‍යාපෘති සංඛ්‍යාව
ක්‍රියාත්මක
කර්මාන්ත සංඛ්‍යාව
සේවක සංඛ්‍යාව ක්‍රියාත්මක
නොවන
කර්මාන්ත සංඛ්‍යාව
ඒකළ ගම්පහ 92 92 - 60 57 3253 3
පල්ලේකැලේ මහනුවර 111 111 - 71 59 2122 12
පානළුව කොළඹ 29 29 - 24 21 334 3
හොරණ කලුතර 66 66 - 14 14 1250 -
වවුලුගල කලුතර 14 14 - 13 13 226 -
පුස්සැල්ල රත්නපුර 29 29 - 13 10 112 1
ගලිගමුව කෑගල්ල 12 12 - 11 7 101  4 
බුත්තල මොණරාගල 22 21 1 18 6 78 7
කොටගල නුවරඑළිය 58 56 2 15 8 88 7
කළුදැවල මාතලේ 45 43 2 18 14 220 4
මිහින්තලේ අනුරාධපුර 38 32 6 33 3 20 17
නෑගම්පහ අනුරාධපුර 44 26 18 9 - 3 7
පන්නල - පළමු අදියර කුරුණැගල 34 34 - 18 17 285 1
පන්නල - දෙවන අදියර කුරුණැගල 8 8 - 4 - - 4
ලුණුවිල පුත්තලම 18 18 - 13 12 203 1
පූන්තොට්ටම් වවුනියා 64 58 6 25 18 140 6
අච්චුවේලි - පළමු අදියර යාපනය 23 20 3 11 5 139 6
අච්චුවේලි - දෙවන අදියර
යාපනය 25 13  12   1     40   3 
TOTAL 732 682 50 374 265 8614 86

 

ව්‍යවසායකයන් තෝරාගැනීම

ව්‍යවසායකයන් අවශ්‍යයෙන්ම ලාභ මගින් අභිප්‍රේරණය නොවන නමුත් එය සාර්ථකත්වය හෝ ජයග්‍රහණය මැනීමේ ප්‍රමිතියක් ලෙස සලකන බැවින්, සම්මුඛ පරීක්ෂණයේදි ලබාගත් ලකුණු සමගින් සම්මත රීතියක් අනුගමනය කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ලබා දුන් නිර්දේශය සැලකිල්ලට ගනිමින්, කර්මාන්ත ජනපද අංශය අපේක්ෂිත ව්‍යවසායකයන් සඳහා සංවර්ධිත බිම් කොටස් සහ පිරිනිමි ගොඩනැගිලි වෙන් කරයි.

  • ව්‍යාපාරික අවස්ථාව හඳුනාගැනීම, හඳුනාගත් අවස්ථාව මත පදනම්ව ව්‍යාපාරය ආරම්භ කිරීම සහ එම ව්‍යාපාරය මෙහෙයවීම සහ පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.
  • සේවායෝජනීයත්වය ඉහළ නංවයි.
  • අපනයන අභිනත කර්මාන්තකරණය -වෙළඳ, ආර්ථික, අපනයන ආදීයෙන් අනතුරුව ව්‍යාපාරික ඵලදායිතාව උපරිම තත්වයට පත් කිරීම සඳහා තාක්ෂණය භාවිතා කරයි.
  • අගය එකතුකළ නිෂ්පාදන සමගින් ලාභ හා තාප්තිය ඉහළ නංවයි.
පිරිනිමි ගොඩනැගිලි සහ ඉඩම් කැබැලි වෙන්කිරීම

තම ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා ව්‍යවසායකයන්ට වෙනුකරනු ලබන බිම් කැබලි හෝ ගොඩනැගිලි ලබාදීමේ සිය කොන්දේසිය යටතේ, කාර්මික සංවර්ධන මණ්ඩලය පහත දැක්වෙන පරිදි කුලී බදුකරුවන් සමග බදු ගිවිසුම් අත්සන් කරයි.

බදුකර අයිතිවාසිකම්

  • පිරිනිමි ගොඩනැගිලි - වසර 20
  • ඉඩම් කැබැලි - වසර 30
  • රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව මාසික ‍හෝ වාර්ෂික කුලිය නියම කරනු ඇත.
  • ඉඩමේ ප්‍රමාණය අදාළ කර්මාන්තය මත තීරණය වනු ඇත.
  • ව්‍යාපෘති සඳහා පාරිසරික අනුමැති ලබා ගැනිම

අයදුම් පත්‍රය

ව්‍යාපෘති යෝජනාව සඳහා මාර්ගෝපදේශ

 

විමසීම් - අධ්‍යක්ෂ (කාර්මික ජනපද)


: +94 112 632 157
: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අපගේ සේවාවන්

Scroll To Top