රණවිරු පවුල් වල ආර්ථිකය නගාසිටුවීම සහ රටේ ආර්ථිකයට තිරසාර දායකත්වයක් ලබාදීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු සේවා අධිකාරිය සහ බාටා ආයතනය එක්ව වැඩසටහනක් දියත්කර ඇත. ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පාවහන් නිෂ්පාදනය පිලිබඳ පුහුණුවක් ලබා දී ඔවුන් හට බාටා ආයතනය මගින් උප කොන්ත්‍රාත් ක්‍රමයට පාවහන් කොටස් නිෂ්පාදනය කිරීමට ඇනවුම් ලබාගැනීම මෙමගින් සැලසුම් කර ඇත.