கைத்தோழில் அபிவிருத்திச் சபைக்கு வரவேற்கிறோம்

2024 ஆம் ஆண்டிற்கான ரப்பர் மில் இயந்திர உரிமையாளர்களின் பதிவு

රබර් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය වඩාත් ප්‍රචලිත කර අපනයන කේන්ද්‍රීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ පරමාර්ථයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දිවයින පුරා විසිරී සිටින රබර් මිල් යන්ත්‍ර හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. ලියාපදිංචි වන කර්මාන්ත හිමියන් නිෂ්පාදනය කරන රබර් සංයෝග නියාමනයක් තුලින් ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ රබර් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මිල් හිමියන් හට තම කර්මාන්තය සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීමට ද මෙයින් බලාපොරොත්තු වේ.

කර්මාන්තයේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය,දුරකථන අංකය, ධාරිතාව ආදී කරුණු සඳහන් කරමින් ඔබ විසින් සකසන ලද අයදුම් පත්‍රයක් 2024.01.20 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරදීම කල යුතුය. ලිපි කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි “ 2024 වර්ෂය සඳහා රබර් මිල් යන්ත්‍ර හිමියන් ලියාපදිංචි කිරීම යනුවෙන් සටහන් කරන්න.

වැඩි විස්තර දුරකථන අංක 011-2930747 මඟින් රබර් භාණඩ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබා ගත හැක

සභාපති
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව
දුරකථන 011-2607004, ෆැක්ස් 011-2607004

    எண்ணிக்கை தலைப்பு நடுத்தர இணைப்பு
    1 ආදර්ශ අයදුම් පත්‍රය சிங்களம் பார்க்க
ANNOUNCEMENTS
Close