කර්මාන්ත සායනය හා විකුණුම්කරුවන් හා ගැණුම්කරුවන් හමුව – ගම්පහ දිස්ත්‍රික්කය
අරඹමු ජයගමු, අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩනගමු යන තේමාව යටතේ කර්මාන්ත සායනය හා විකුණුම්කරුවන් හා ගැණුම්කරුවන් හමුව 2024.02.07 දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ජාතික රූපවාහනී සංස්ථාවේ මාධ්ය අනුග්රහය යටතේ ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී පවත්වන ලදී.
දැනට කර්මාන්තයක නියැලෙන්නන්, නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය මෙන්ම නිෂ්පාදන අපනයන කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් කර්මාන්ත සදහා සේවා සපයන රාජ්ය, අර්ධරාජ්ය , හා බැංකු ආයතන මෙන්ම අපනයන ගැණුම්කරුවන් මුණ ගැස්වීම අරමුණ කොටගෙන මෙම වැඩ සටහන පවත්වන ලදී,
මෙහි සමාරම්භක අවස්ථාව සදහා ගම්පහ දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ මහතා, අතිරේක දිස්ත්රතික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා, අතිරේක දිස්ත්රික් ලේකම්, ඩබ්.ටී.එච්. රුචිර විතාන මහතා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්ය සාරංග අලහප්පෙරුම මහතා, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති,ආචාර්ය ප්රසාද් සමරසිංහ මහතා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.එස්. සමරකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Venue: ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල

ANNOUNCEMENTS
Close