Tender No.: T/02/2024 – Land preparation for establishment of proposed new industrial estate – Valachchena

ප්‍රසම්පාදන දැන්වීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
යෝජිත නව කර්මාන්ත ජනපද ස්ථාපනය සඳහා භූමිය සකස් කිරිම
මඩකලපුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය – වාලච්චේන

ටෙන්ඩර් අංකය: T/02/2024

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රසම්පාදන කමිටුව විසින් සීමාසහිත ජාතික කඩදාසි සමාගම, වාලච්චේන පිහිටි භූමියේ (Plan No.5331 Lot -01) අක්කර 55 ක බිම් ප්‍රමාණය සකස් කිරීම සඳහා සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් මිලගණන් කැඳවනු ලැබේ.

අංක විස්තරය ප්‍රමාණය
1 යෝජිත කර්මාන්ත ජනපද ස්ථාපනය කිරීම සඳහා මිනුම් කටයුතු සිදු කිරීමට හැකිවන ලෙස භූමිය සකස් කළයුතු අතර, ඉඩම තුළ ඇති සියළුම කුඩා පරිමාණ ගස්,ලදු කැලෑ, කටුපදුරු,තෘණ හෝ ඊට සමාන සියළුම දෑ ‌‌‌ඩෝසර් යන්ත්‍ර හෝ ඊට සමාන යන්ත්‍රසුත්‍ර භාවිතා කරමින් ඉවත් කර එම අපද්‍රව්‍ය අදාළ ඉඩමෙන් බැහැර කිරිම. (සැ.යු.වට අඩි 2 අගල් 6 කට වඩා වැඩි ගස් ඉවත් නොකළයුතුය.  

අක්කර 55

මේ සඳහා උනන්දුවක් දක්වන ලංසුකරුවන් හට 2024.01.07 දින සිට 2024.01.29 දින දක්වා පෙ.ව. 9.00 හා ප.ව.3.00 කාලය තුළ නි/අධ්‍යක්ෂ (සැපයුම්). ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, නො: 615, ගාලුපාර, කටුබැද්ද , මොරටුව, සැපයුම් අංශයෙන් සිංහල බසින් සකසන ලද ලංසු ලේඛන ලබාගත හැක.  ලංසු ලේඛන  2024.01.29 දින ප.ව.2.30 ට හෝ ඊට පෙර ලැබෙන සේ ඉහත කටුබැද්ද ලිපිනයට ගෙනවිත් භාරදීම හෝ ලි.ප. තැපෑලෙන් එවිය හැක. ලංසු බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවර මඩකලපුව වාලච්චේන බිම් සැකසීම – T/02/2024 යනුවෙන් සඳහන් කළ යුතුය.

පුර්ව ලංසු රැස්වීමක් 2024.01.18 වන දින පෙ.ව.10.00 ට මඩකලපුව වාලච්චේන, භූමි පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔීනෑම ලංසුවක් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරිම, කොටසක් පිළිගැනීම හෝ හේතුවක් නොදන්වා ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතුවේ.

විමසීම් : පෙ:ව. 9.00 සිට ප:ව. 3.00 දක්වා දුරකථන අංක : 011 2607004 මගින් නි/අධ්‍යක්ෂ (සැපයුම්) අමතන්න

සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,
නො: 615, ගාලුපාර,
කටුබැද්ද, මොරටුව.

    No. Title Medium Link
    1 කොන්ත්‍රාත් කොන්දේසි sinhala View
    2 ප්‍රමාණ බිල්පත sinhala View
ANNOUNCEMENTS
Close