“International Industry Expo 2024 ” ප්‍රදර්ශණයේ අනුග්‍රාහක චෙක්පත් ලබාදෙයි.
අපනයන කේන්ද්රීය ආර්ථිකයක් කරා ශ්රී ලංකාව රැගෙන යාමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “International Industry Expo 2024 Sri Lanka” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනය සදහා අනුග්රාහකත්වය දක්වන ආයතන වල අනුග්රාහකත්ව චෙක්පත් කර්මාන්ත හා සෞඛ්ය අමාත්යය වෛද්ය රමේෂ් පතිරණ මහතා වෙත සංකේතාත්මකව පිරිනැමීම අද (12) දින කර්මාන්ත අමාත්යාංශයේදී සිදු කරන ලදී.
පසුගිය වසරේ දී ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්රදර්ශනය කොළඹ, යාපනය, නුවර හා ගාල්ල යන නගර කේන්ද්ර කරගනිමින් ප්රදර්ශන හතරක් පැවැත්වූ අතර එම ප්රදර්ශන දේශීය කර්මාන්ත ක්ෂේත්රය තුළ විශාල පිබිදීමක් ඇති කිරීමට සමත් විය. එහි ඉදිරි පියවරක් ලෙස දේශීය කර්මාන්ත ජාත්යන්තරය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව මෙම “International Industry Expo 2024 Sri Lanka” ප්රදර්ශනය සංවිධානය කර තිබෙයි.
මෙම ප්රදර්ශනයේ ප්රධාන අනුග්රාහකයන් ලෙස Power Hands Plantation පුද්ගලික සමාගම, TVS Lanka පුද්ගලික සමාගම, Hayleys Solar පුද්ගලික සමාගම, SMR Consolidated සමාගම, American Premium Water Systems පුද්ගලික සමාගම හා Accolade Engineering පුද්ගලික සමාගම යන සමාගම් අද දින රමේෂ් පතිරණ අමාත්යවරයා වෙත ප්රදර්ශනයේ අනුග්රාහකත්ව චෙක්පත් ලබාදෙන ලදී.
ජුනි 19 සිට 23 දක්වා දින 5 ක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන මෙම ප්රදර්ශණය සදහා රටවල් විස්සකට අධික සංඛ්යාවක ආයෝජකයින්, කර්මාන්තකරුවන් හා ගැණුම්කරුවන් සහභාගීවනු ඇතැයි අපේක්ෂා කරයි. දේශීය හා විදේශීය ප්රදර්ශයින්ගේ 1000 කට අධික වෙළදකුටි සංඛ්යාවකින් සැදුම්ලත් මෙම දැවැන්ත ප්රදර්ශනය අන්තර්ජාතික සම්මන්ත්රණ, කර්මාන්ත සම්මන්ත්රණ, ලංකාවට ආවේණික ඇදුම් විලාසිතා ප්රදර්ශන, දේශීයව එකලස් කරන ලද වාහන පෙරහැර, නවෝත්පාදන නිෂ්පාදන කර්මාන්ත ආදියෙන් සමන්විත වේ.
මෙම අනුග්රාහකත්ව චෙක්පත් ලබාදෙන අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්ය සාරංග අලහප්පෙරුම අනුග්රාහකත්ව ආයතනවල ප්රධාන විධායක නිලධාරීන් හා කළමනාකරන අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ

Venue: කර්මාන්ත අමාත්‍යාංශය

ANNOUNCEMENTS
Close