අබලි තඔ / පිත්තල / ඇළුමිනියම් හා යකඩ අමුද්‍රව්‍ය ලෙස සහන මිලගණන් යටතේ ලබාදීම සඳහා කර්මාන්ත ලියාපදිංචි කිරීම – 2024
  • Home
  • 9
  • Posts
  • 9
  • Announcements
  • 9
  • අබලි තඔ / පිත්තල / ඇළුමිනියම් හා යකඩ අමුද්‍රව්‍ය ලෙස සහන මිලගණන් යටතේ ලබාදීම සඳහා කර්මාන්ත ලියාපදිංචි කිරීම – 2024

2005/07/13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රාජ්‍ය ආයතන වලින් බැහැර කරනු ලබන පහත සඳහන් ලෝහමය අබලි ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගනු  ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 2024 වර්ෂය සඳහා ලියාපදිංචි කිරීම.

  1. අබලි තඹ හා තඹ ආශ්‍රිත ලෝහ කොටස්
  2. අබලි පිත්තල හා පිත්තල ආශ්‍රිත ලෝහ කොටස්
  3. අබලි ඇළුමිනියම් හා ඇළුමිනියම් ආශ්‍රිත ලෝහ කොටස්
  4. අබලි චීනච්චට්ටි වර්ග
  5. අබලි යකඩ
  6. අබලි තරාපැවි හා ඒ ආශ්‍රිත කොටස්
  7. දැවි තෙල්
  8. අබලි ඊයම්

ඉහත අබලි ද්‍රව්‍ය අමුද්‍රව්‍යක් ලෙස භාවිතා කරනු ලබන කර්මාන්තකරුවෙකු නම් ලියාපදිංචිය සඳහා අයඳුම්කළ හැක.
අයදුම්පත් අපගේ දිස්ත්‍රිස් කාර්යාලවලින් හා ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයෙන් ලබාගත හැක.

ලියාපදිංචි ගාස්තුව රු. 1,000ක් වේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත 2023 දෙසැම්බර් මස 30 දිනට පෙර අදාළ දිස්ත්‍රික් කාර්යාලයට භාරදිය යුතු වන අතර එදිනට පසු යොමුකරනු ලබන අයදුම්පත් කිසිදු හේතුවක් මත ලියාපදිංචිය සඳහා භාරගනු නොලැබේ.

සියළු විමසීම්      : අධ්‍යක්ෂ ප්‍රාදේශීය සංවර්ධන
ලිපිනය              : 615,ගාලුපාර කටුබැද්ද මොරටුව.
දුරකථන අංකය  : 011 – 2605380

    No. Title Medium Link
    1 අයදුම්පත sinhala View
    2 Application english View
    3 උපදෙස් පත්‍රිකාව sinhala View
    4 ආකෘති පත්‍ර - RDD - C sinhala View