tsd221230 1 tsd221230 2 

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී 2022.12.30 දින පැවත්විණි. එම සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. සී පතිරාජ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පි. එල්. යූ රත්නමලල, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යාංශයේ සභාපති ආර්. සජීවන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි මෙල් , ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි සභාපති ආචාර්ය උදේනි දසනායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහි දී සභාව ඇමතූ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඛනිජ සම්පත් සදහා අගය එකතු කිරීමේ ක්‍රමවේදයන් හරහා වැඩි අපනයන ආදායමක් ලබා ගත හැකි බවත්, ඒ සදහා අදාළ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීම මෙරට කර්මාන්ත ප්‍රවර්ධනයේ අවශ්‍යතාවයක් බව පැහැදිලි කළේය.

එහිදී ආචාර්ය එල්. පි. එස් රෝහිත සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එච්. ආර්. පරණවිතාන විසින් තාක්ෂණික සේවා අංශය සඳහා සම්පාදනය කළ Value Added Industrial Application of MICA කෘතිය සහ Value Added Industrial Applications of Quartz කෘතින් දෙක එලිදැක්වීමද සිදුකෙරිණි. දිනය පුරා පැවති මෙම සම්මන්ත්‍රණයේ දී කර්මාන්ත ක්ෂේත්‍රයට භාවිතා කළ හැකිමෙරට ඛණිජ වර්ග සහ එමගින් ශ්‍රී ලංකාව තුල සිදු කළ හැකි හැකි නිම් නිශ්පාදන පිළිබඳව දැනුවත් කිරීම සිදු විය. මෙම සම්මන්ත්‍රණයේ සම්පත් දායකත්වය ලබා දීම සදහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයේ අධ්‍යක්ෂක (ඛනිජ සමීක්ෂණ) නලින් ද සිල්වා, දම්සීලා රිසෝස් පුද්ගලික සමාගමෙහි සභාපති ආචාර්ය සදුන් දල්පදාදු, මොරටුව විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්. පි. එස්. රෝහිත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය එච්. එම්. ටි. ජි. ඒ. පිටවල සහ ඛණිජ ආශ්‍රිත කර්මාන්ත පිළිබද විද්වතෙකු වන රයන් රෝක්වූඩ් යන මහත්වරුන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක් විය.

සම්මන්ත්‍රණය අවසනයේදී ලංකා කාර්මික මණ්ඩලය,කර්මාන්ත අමාත්‍යංශය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා මහා බැංකුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, යන ආයතනවල ජේෂ්ඨ නිලධාරීන් සමග ක්ෂත්‍රයේ පවතින ගැටළු සාකච්චා කිරීමට සහ යෝජනා ඉදිලිපත් කිරිමට ද සහභාගී වූ පිරිසට අවකාශය ලබා දෙන ලදී .

මෙම සම්මන්ත්‍රණය සදහා අනුග්‍රාහකත්වය බෝගල ග්‍රැෆයිට් සමාගම, කොමර්ෂල් බැංකුව, දම්සීලා රිසෝස් පුද්ගලික සමාගමෙ, INSEE සිමෙන්ති ආයතනය, ලංකා මිනරල් ඇන්ඩ් කෙමිකල්ස් පුද්ගලික සමාගම, නොරිටෙක් ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම, Othadi Minerals(Private) Limited, Midaya Ceramic Company Pvt. Ltd. දංකොටුව පෝසිලේන් සමගම සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යන ආයතන මගින් ලබා දෙන ලදී.

Scroll To Top