eng1  eng2

කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් NAITA ශ්‍රවණාගාරයේ පැවති සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදී කර්මාන්ත ඉංජිනේරු පුහුණුව සම්පූර්ණ කළ කර්මාන්තබවතුන් හා ව්‍යවසායකයන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කරන ලදී. IDB සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා විය. උත්සවයට සහභාගී වූ අනෙකුත් IDB ප්‍රභූන් අතර අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.යූ. රත්නමලල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – සංවර්ධන ඩබ්ලිව්.ඒ.පී.කේ. නිශාන්ත, අංශ ප්‍රධානී අධ්‍යක්ෂවරුන්, IDB හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, සහ දිරිගන්වන්නන් විය.

IDB සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ කාර්මාන්ත අංශයන් දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන “Getup Start-up” යටතේ නිර්මාණය කරන ලද ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය පිළිබඳ ජීවමාන සාක්ෂි සහ ජයග්‍රහණ දැකීම සතුටට කරුණක්. තවද, පුහුණු කරන ලද ව්‍යවසායකයන්ගේ කාර්මික ජයග්‍රහණ දැකීමෙන් IDB දැක්ම සහ උපාය මාර්ගය මනාව ක්‍රියාත්මක වී ඇති බව තහවුරු වේ. ඔබ හොඳම දේශීය කර්මාන්තකරුවා බවට පත්ව විදේශීය වෙළඳපොළ අත්පත්කරගැනීමට ඔබ ගන්නා උත්සාහයට අපි සුබ පතන්නෙමු.” IDB දැක්මෙහි නිමැවුම්කරු වෛද්‍ය සාරංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශක්තිමත් වෘත්තීය කාර්මික ප්‍රජාවක් සංවර්ධනය කිරීමට සහ සැකසීමට IDB වෙත වගවීමක් ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවන ඔබ සාර්ථක ව්‍යාපාරික නායකයන් වී කාර්මික සංස්කෘතිය සහ රට වෙනස් කරන ලෙස පුහුණුවලත් නව ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

ඔබ කුමන මට්ටමක සිටියද මෙවැනි කර්මාන්ත පුහුණු වැඩසටහන් සඳහා ඔබටත් සහභාගිවී සාර්ථක ව්‍යවසයකයෙක් බවට පත්වියහැකිය.

Scroll To Top