සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දීප ව්‍යාප්තව ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව ලබා දිය හැකි බාහිර සහ අභ්‍යන්තර සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන් පහත සඳහන් තොරතුරු ඇතුළත් තමන් විසින් සකස් කරන ලද අයදුම්පතක් පහත ලිපිනයට 2023 ජනවාරි 30 දිනට හෝ ඊට පෙර ලැබෙන පරිදි අප වෙත යොමු කළ යුතුය. එසේම අයදුම්කරුවන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදිය හැකි පළපුරුදු අය විය යුතුය.

සම්පූර්ණ නම
ලිපිනය
උපන් දිනය
අධ්‍යාපන සුදුසුකම්
වෘත්තීය සුදුසුකම්
පළපුරුද්ද
ව්‍යවසායකත්වය සඳහා ලබා ඇති පුහුණුවීම්
සම්පත්දායකත්වය ලබාදිය හැකි දිස්ත්‍රික්කයන්
දුරකථන අංකය/ වට්ස්ඇප් අංකය
ඊමේල් ලිපිනය

කවරයේ වම් කෙළවරේ “බාහිර ‍සම්පත්දායක අයදුම්පත” හෝ “අභ්‍යන්තර ‍සම්පත්දායක අයදුම්පත” (කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවයේ නියුතු) ලෙස සඳහන් කළ යුතුය.

අධ්‍යක්ෂ, ව්‍යවසායකත්ව සංවර්ධන අංශය
කාර්මික සංවර්ධන මණ්ඩලය
615, ගාලුපාර, කටුබැද්ද, මොරටුව
දුරකථන : 0112605326 /27, 0112632656/ 011 2612603
පැක්ස් : 0112607003
ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Hotline : 1995
Whatsapp: 0705001995

Scroll To Top