කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

උණ බම්බු පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය

මුල් පිටුව >> සේවා >>   උණ බම්බු මධ්‍යස්ථානය
\

ශ්‍රී ලංකාවේ දැව ආශ්‍රිත කර්මාන්තයේ වෘත්තිකයන්ට සහ අනාගත ව්‍යවසායකයින්ට අවශ්‍ය කුසලතා සහ පුහුණුව ලබා දීම සඳහා IDB UNIDO සමඟ එක්ව 2019 දී අංගසම්පූර්ණ උණ බම්බු නිෂ්පාදන පුහුණු සහ සේවා මධ්‍යස්ථානයක් හඳුන්වා දෙනු ලැබීය. ගුණාත්මක හස්ත කර්මාන්ත සහ ගෘහ භාණ්ඩ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිෂ්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙමගින් වැඩි අවස්ථා ලබා ගත හැකිය.

මධ්‍යස්ථානයේ විෂය පථය පහත පරිදි වේ.

\

අනාගත ව්‍යවසායකයින්ට සහ දැනට සිටින කර්මාන්තකරුවන්ට පුහුණුව ලබා දීම.

\

උණ බම්බු ආශ්‍රිත නිපැයුම් කර්මාන්ත, සැකසුම්කරුවන්, වගාකරුවන්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල අවසන් ගැනුම්කරුවන් අතර සම්බන්ධීකරණය සිදු කරමින් දිවයිනේ උණ බම්බු ආශ්‍රිත කර්මාන්තය පිළිබඳ වැඩි දැනුවත්භාවයක් ඇති කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම වාණිජ පිළිගැනීමක් ලබා ගැනීම.

\

උණ බම්බුවල සැලසුම් සහ නිමි භාණ්ඩ (මූලාකෘති) සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම. එබැවින් රුචිකත්වයක් දක්වන පාරිභෝගිකයන්ට උණ බම්බු වලින් විවිධ නිෂ්පාදන සෑදීමේ ශක්‍යතාව පිළිබඳව ඒත්තු ගැන්වේ.

\

ජාත්‍යන්තර ප්‍රමිති, සඟරා, ජර්නල් ඇතුළු උණ බම්බු පිළිබඳ අදාළ තොරතුරු අඩංගු පුස්තකාලයක් පිහිටුවීම

\

මෙම මධ්‍යස්ථානය විවිධ උණ බම්බු නිෂ්පාදන ද ප්‍රදර්ශනය කරනු ඇත.

\

පුහුණු මධ්‍යස්ථානය, විශ්ව විද්‍යාල සහ පර්යේෂණ හා සැළසුම් ආයතනය අතර සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම.

අමතන්න

තාක්ෂණික සේවා අංශය

011 2605278

tsdidb@gmail.com

0112623846

ANNOUNCEMENTS
Close