කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

සාරාංශය

අපි ගැන

සාරාංශය

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යනු කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයකි. එය 1969 අංක 36 දරන කාර්මික සංවර්ධන පනත මගින් බල ගැන්වේ. මෙම පනතට අනුව ශ්‍රී ලංකාවේ කාර්මික අංශය සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය කාර්මික සංවර්ධන මණ්ඩලය වේ.

දැක්ම

මෙහෙයුම

උපායමාර්ගික අවධානය

ශ්‍රී ලංකාව පුරා විහිද ඇති සියලු ආකාරයේ කර්මාන්ත සංවර්ධනය

ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම කර්මාන්ත දිරිගැන්වීමට, ප්‍රවර්ධනය කිරීමට සහ සංවර්ධනය කිරීමට අවශ්‍ය උපායමාර්ගික, තාක්ෂණික සහ වාණිජ්‍ය පදනම සැපයීම.
කාර්මික සංවර්ධන මණ්ඩලය මුල්‍ය ස්වාධිපත්‍ය අත්පත් කැරගත් දේශීය සහ ගෝලීය වශයෙන් තිරසාර කාර්මික වර්ධනයක් කරා යාම.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති

වෛද්‍ය සාරංග අලහප්පෙරුම
සභාපති - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

+94 112 607 175, +94 112 605 887

chairman@idb.gov.lk

අනාගතය කෙරෙහි දීර්ඝ දැක්මකින් යුත් නායකයෙක් වන වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙසද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගරු සභාපතිවරයා ලෙසද සේවය කරයි. එතුමා මෙම වසරේ පැවති " Colombo Leadership Excellence 2024" සම්මාන උළෙලේදී හොඳම ප්‍රධාන විධායක නිලධාරියා ( CEO ) ලෙස ප්ලැටිනම් සම්මානයෙන් ගෞරවයට පාත්‍ර විය.

 දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීම තුළින් ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමත් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් මෙන්ම ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි කිරීම යන අරමුණු ඉලක්ක කර ගනිමින් "අරඹමු- ජයගමු" වැනි ව්‍යාපෘති හඳුන්වා දෙන ලදී.

 මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගරු සභාපති ධූරයට පත්වන වෛද්‍ය අලහප්පෙරුම මහතා ගිලන් වූවන් මුල් කරගත් අඩු වියදම් සෞඛ්‍ය සේවාවක් මෙන්ම එකී සේවය සාමූහික ප්‍රයත්නයක් තුළින් ඉහළ තලයකට ගෙන ඒම යන ඉලක්කයන් කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරමින් සිටියි.පොල් පර්‍යේෂණ ආයතනයේ සභාපතිවරයා ලෙසද, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ලෙසද, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසද සේවය කර ඇත.

 වෛද්‍ය අලහප්පෙරුම මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBBS උපාධියද ඇමරිකාවේ නොදර්ම්ටන් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ද ඇමරිකාවේ බකින්හම්ෂියර් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ( LLB) ද ලබා ගත් අතර ජාතික ජනමාධ්‍ය ආයතනයෙන් සහ ජාතික රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා හිමි කර ගත්තේය." දෙදහස් විස්සෙන් එහා ශ්‍රී ලංකාව " නැමැති කෘතිය රචනා කරන ලද එතුමා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වේ.වෛද්‍ය අලහප්පෙරුම මහතා විසින් නායකත්වය හොබවන ලද සෑම ආයතනයක් තුළින්ම එතුමා කරන ලද සේවය ආයතනික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන්ද යහපත් බලපෑමකට ලක්කළ බව පැවසිය හැක.

සංවිධාන ව්‍යූහය

  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙකු සහ සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
  • සභාපතිවරයාට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ සහය හිමි වන අතර ඔහු යටතේ ඇති ක්‍රියාකාරී අංශවල ප්‍රධානත්වය දරන අධ්‍යක්ෂවරුන් නව දෙනෙකු වේ. මණ්ඩලය විසින් කර්මාන්ත සඳහා සපයනු ලබන සේවාවන් සඳහා එම ක්‍රියාකාරී අංශ වගකිව යුතුය.
  • සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කාර්යාල ජාලය හරහා ප්‍රාදේශීය මට්ටමින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ වැඩසටහන් ක්‍රියාවට නංවාලීම ප්‍රාදේශීය සංවර්ධන අංශයේ විෂය පථයට අයත් වේ.
  • ඉදිරි කාර්යාලයීය මේසය (තොරතුරු කුටිය) කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාදායකයින්ට මූලික උපදේශන සපයනු ලබන අතර, අදාළ ක්‍රියාකාරී අංශවලින් හෝ දීප ව්‍යාප්ත පළාත් ජාලයෙන් වැඩිදුර සේවාවන් ලබා ගැනීම සඳහා මණ්ඩලය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට ඔවුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කරයි.