කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

කැස්පර් මිලදී ගැනීම

කැස්පර් මිලදී ගැනීම

කිතුල් මල් කැපීමේදී සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමය වෙනුවට භාවිතයට පහසු ප්‍රතිකාරයක් කාර්මික තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇත. එය KASPER ලෙස හඳුන්වන අතර එහි අලෙවිය සහ බෙදා හැරීම අපගේ දිස්ත්‍රික් කාර්යාල මගින් සිදු කෙරේ. සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම භාවිතා කර තෙලිජ්ජ ලබා ගත නොහැකි කිතුල් ගස් වලින් පවා මෙම ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. කිතුල් කර්මාන්තය බහුලව සිදුවන කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, මහනුවර, මාතලේ, මොනරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, රත්නපුර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල අපගේ කාර්යාලවලින් එය මිලදී ගත හැක. මීට අමතරව, මෙම ප්‍රතිකාරය භාවිතා කරන ආකාරය පිළිබඳ අවශ්‍ය තාක්ෂණික දැනුම මෙම කාර්යාලවලින් ලබා ගත හැකිය.