කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව

පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව

 

මුල් පිටුව >>   School Industry Entrepreneurship Circles

පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත්, කර්මාන්ත අමාත්‍යංශයත්,අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව සිසු පරපුර කර්මාන්ත ව්‍යසායකත්වය සඳහා සවිබල ගැන්වීම උදෙසා පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා, රට ගෙනයාම සඳහා පාසැල් මට්ටමින් ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීම මහගු පිටුවහලක් වනු ඇත.

ව්‍යාපෘතියේ අරමුණු

  1. ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලී හා ඵලදායී ලෙස දායක විය හැකි ව්‍යවසායකත්වය පෙරදැරි කරගත් සිසු පරපුරක් සමාජගත කිරීමට පාසැල් යොමු කිරීම.
  2. කර්මාන්ත බිහිකිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍ය වන්නා වු ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් රට තුල ගොඩනැගීම.
  3. රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නකු නොව රටේ පවතින ගැටළු වලට විසඳුම් ලබාදෙන රැකියා නිර්මාණය කරන්නකු පාසැල් තුලින් සමාජයට එක් කිරීම.
  4. සමාජයේ කවර හෝ පුද්ගල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබාදීම සඳහා ව්‍යවසායකත්ව නිපුණතා අත්පත් කරදීම.
  5. අභියෝග හමුවේ එයට ප්‍රතිචාර දක්වමින් එය තමාගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගත හැකි දෙපයින් නැගී සිටින ශ්‍රී ලාංකිකයකු බිහි කිරීම.

ක්‍රියාත්මක කරන ආකාරය

ඉහත අරමුණු මුදුන් පමුනුවා ගැනීම සඳහා පාසල් මට්ටමින් ව්‍යවසායකත්ව කව නිර්මාණය සිදු කරන අතර එම කව වල සාමාජිකයන් වන පාසල් සිසුන් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ව්‍යවසායක හැකියාවන් පාසල් කාලයේදීම අත්පත් කර ගැනීම සිදු කරනු ලබයි.

එම විවිධ ක්‍රියාකාරකම් ඇගයීමට ලක්කරමින් ක්‍රම ක්‍රමයෙන් නියමු ලාංඡනය, ලෝකඩ ලාංඡනය,රජත ලාංඡනය,ස්වර්ණ පදක්කම හා ජනාධිපති පදක්කම දක්වා ඔවුන් සංවර්ධනය වනු ඇත.

මෙම ක්‍රියාකාරකම් තුලින් ව්‍යවසායකයකු ලෙස පන්නරය ලබන සිසුන් පාසැල් හැරයාමෙන් පසු සාර්ථක ව්‍යවසායකයකු ලෙස තමන්ගේ කර්මාන්තයක් ආරම්භ කර මෙරට නිෂ්පාදන ආර්ථිකයට මෙන්ම රැකියා වියුක්තියෙන් ජය ගැනීමට මනා දායකත්වයක් සපයනු ඇත.

ඒ සඳහා අවශ්‍ය සහයෝගය කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අඛන්ඩව සපයනු ලැබේ.

සම්බන්ධ වෙන්න පුළුවන් කාටද?

‍ව්‍යවසායකත්ව කව සඳහා පාසලේ 09 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සම්බන්ධ කර ගන්නා අතර ඉන් පහළ පංතිවල සිසුන් මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ට ද සහභාගි විය හැක.එක් කවයක් සඳහා ළමුන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් සම්බන්ධ කර ගනු ලැබේ

තරඟ‍

“කර්මාන්ත ව්‍යවසායකත්වය තුලින් රට සංවර්ධනය කරමු” මාතෘකාව යටතේ චිත්‍ර හා රචනා තරඟ පැවැත් වේ.

School Industry Entrepreneurship Circles Opening Ceremony

School Entrepreneur Circles Activities

සම්බන්ධතා විස්තර

ලිපිනය

ව්‍යවසායකත්ව සං අංශය
615, ගාලු පාර, කටුබැද්ද.
මොරටුව,
ශ්‍රී ලංකාව.

Contact No.

+94 11-2605156

 

E-Mail Address

idblibrary1969@gmail.com
ANNOUNCEMENTS
Close