රබර් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය වඩාත් ප්‍රචලිත කර අපනයන කේන්ද්‍රීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ පරමාර්ථයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දිවයින පුරා විසිරී සිටින රබර් මිල් යන්ත්‍ර හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. ලියාපදිංචි වන කර්මාන්ත හිමියන් නිෂ්පාදනය කරන රබර් සංයෝග නියාමනයක් තුලින් ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ රබර් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මිල් හිමියන් හට තම කර්මාන්තය සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීමට ද මෙයින් බලාපොරොත්තු වේ.
කර්මාන්තයේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය,දුරකථන අංකය, ධාරිතාව ආදී කරුණු සඳහන් කරමින් ඔබ විසින් සකසන ලද අයදුම් පත්‍රයක් 2024.01.20 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරදීම කල යුතුය. ලිපි කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි “ 2024 වර්ෂය සඳහා රබර් මිල් යන්ත්‍ර හිමියන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සටහන් කරන්න.
වැඩි විස්තර දුරකථන අංක 011-2930747 මඟින් රබර් භාණඩ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබා ගත හැක
සභාපති
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව
දුරකථන 011-2607004, ෆැක්ස් 011-2607004
අංකය | ශීර්ෂය | මාධ්‍ය | සබැඳිය |
---|---|---|---|
1 | ආදර්ශ අයදුම් පත්‍රය | සිංහල | නරඹන්න |
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
අනාගත සහයෝගිතා සඳහා IDB සහ JICA Sri Lanka අතර හමුවක්
A meeting between JICA (Japan International Coo...
-
සීමාසහිත කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර අවබෝධතා ගිවිසුම
කර්මාන්ත දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත...
-
ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...