කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම

ඊජිප්තුවේ තානාපති ඇති ගරු මජෙඩ් මොස්ලේ උතුමාණන් සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා. අතර හමුවක් කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී සභාපතිවරයා ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සඳහා ඉදිරි මාවත ඉදිරිපත් කර ඇති අතර මෙම ගමනේදී ඊජිප්තුව සමඟ සහයෝගීතාවයේ අවශ්‍යතාවය තවදුරටත් පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ කාර්මික අංශය සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට සහාය වීමටත් ඊජිප්තු තානාපති කාර්යාලය අපේක්ෂා කරන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Venue: Colombo

ANNOUNCEMENTS
Close