ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා SLIM ආයතනය (ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය) එක්ව ලංකාවේ කර්මාන්ත සන්නාමයන් ගොඩනැගීමේ වැඩසටහනට අදාලව කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ සන්නාමකරණය හා අලෙවිකරණය පිළිබඳ දැනුම වැඩි දියුුණු කිරීම සඳහා දෙදින පුහුණු වැඩමුළුවක් 2024.10.10 හා 11 යන දෙදින කාර්මික සංවර්ධන මණ්ඩලීීය ලක්කම් ශ්‍රවණාගාරයේදි කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිස්සංක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා SLIM ආයතනයේ ගරු ලේකම් ඉනෝ පෙරේරා මහතා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත දික්වැල්ල, ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත්, සහකාර අධ්‍යක්ෂ ආචාර්ය සමින්ද රණතුංගගේ යන මහත්ම මහත්මීන් සහභාගී වන ලදී. මෙම දෙදින පුහුණු වැඩසටහනේ සම්පත් දායකත්වය SLIM ආයතනය මගින් ලබාදෙන ලද අතර, එය නියෝජනය කරමින් කොමර්ෂල් සින්ඩිකේට් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොයිස්ටන් කමින් හා ජැනට් ආයතනයේ අලෙවි කළමණාකාර අසංක උදය කුමාර යන මහත්වරුන් දේශණ පවත්වන ලදී. කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යායේ සේවය කරන නිලධාරීන් 60ක පමණ පිරිසක් මේ යටතේ පුහුණුව ලබන ලදී.
ස්ථානය: ශ්‍රවණාගාරය, IDB
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...