කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකල කාර්මික ජනපදයේ නිරීක්ෂණ චාරිකාවක

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්තකරුවන්ට යටිතල පහසුකම් සපයාදීමේ සේවාව යටතේ ලංකාව පුරා කර්මාන්ත ජනපද 16ක් ස්ථාපිත කර ඇත. මේ මගින් කර්මාන්තකරුවන්ගේ නිශ්පාදන තත්ව උසස්කිරීම හා අපනයන වෙලඳපලට යොමු කිරීම මගින් දල දේශීය ආර්ථිකය ඉහල නංවීමට වැඩි දායකත්වයක් ලබාදේ.

මෙම කර්මාන්ත පුර යාවත්කාලීන කර එහි ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා රජය විසින් සීග්‍ර වැඩපිලිවෙලක් දියත් කර ඇත.

එහි එක් අංගයක් ලෙස කර්මාන්තපුර භාවිතා කරන කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා හා ගැටලු පිලිබඳ සාකච්චාවක් සඳහා කර්මාන්ත හා ව්‍යාවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා 2025/02/14 දින ඒකල කාර්මික ජනපදයේ නිරීක්ෂන චාරිකාවකට සහභාගීවිය. මෙම අවස්තාව සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක මහතා සහ කාර්මික ජනපද අංශයේ අධ්‍යක්ෂ ශ්‍රීමාල් ජයතිලක මහතා ද සහභාගිවිය.

Venue: Ekala Industrial Estate