
පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කළ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2025, අද (06) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ සම්භාභාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී ආරම්භ විය. මේඩ් ඉන් ශ්‍රීලංකා පාවහන් නිශ්පාදකයින්ගේ වෙළඳ කුටි පමණක් ඇතුළත් මෙම ප්‍රදර්ශනයේදී ඔබට, දෙස් විදෙස් අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශන සහ වෙළඳ කුටි රාශියක් දැක ගැනීමට හැකිය. මෙම ප්‍රදර්ශනය අද සහ පෙබරවාරි 7, 8 සහ 9 යන තෙදින පුරා පැවැත්වේ. ඔබත් පැමිණෙන්න දේශීය නිෂ්පාදන මිලදී ගෙන දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීමට දායක වන්න.
ස්ථානය: BMICH, කොළඹ
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...