කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත හඳුනා ගැනීම
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ එක්ව, මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කර්මාන්ත මුහුණ දුන් බලපෑම පිළිබඳ දත්ත රැස් කරමින් සිටී.
සියලුම කර්මාන්ත සඳහා බලපා ඇති මෙහෙයුම් බාධා, පහසුකම් හෝ යන්ත්‍රෝපකරණ වලට සිදුවන හානි, සැපයුම් දාම අභියෝග, ශ්‍රම බලකායේ ගැටළු සහ වෙනත් අදාළ බලපෑම් පිළිබඳ නිවැරදි හා කාලෝචිත තොරතුරු සපයන ලෙස ඉල්ලා සිටීමු.
සමස්ත තත්ත්වය තක්සේරු කිරීමේදී සහ බලපෑමට ලක් වූ කර්මාන්ත සඳහා සහාය වීම සඳහා සුදුසු මැදිහත්වීම් සකස් කිරීමේදී මෙම තොරතුරු අමාත්‍යාංශයට සහ IDBට සහාය වනු ඇත.