ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ( IDB) විසින් කර්මාන්ත සංවර්ධන අරමුදලෙන් ණය ලබාදීමට නිල බැංකුව ලෙසින් තෝරා ගැනුණු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ( RDB) සමග ඊට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීම 2023.09.14 දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති සුසන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය පිහිටි RDB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ඔවුන් බලාත්මක කරන 1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත ප්‍රකාරව ' අවුරුදු 54 කට පසුව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ' කර්මාන්ත සංවර්ධන අරමුදල ' පසුගියදා ක්‍රියාත්මක කළ ' ජාතික කර්මාන්ත සතියේදී ' BMICH හිදී පැවති Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේදී රුපියල් මිලියන 10ක ආරම්භක ශේෂයකින් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මේවනවිට එම මුදල විවිධ ව්‍යාපෘතියන් හරහා ප්‍රවර්ධනය කරමින් සිටින අතර එම මුදල් යොදා ගනිමින් මුලු දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උදෙසා Industry ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙලෙස නිල බැංකුව ලෙසින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග අවබෝධතා ගිවිසුමට එළඹීම සිදුවිය.
අවම ලියකියවිලි යටතේ ඉතා කෙටි කාලයකින්, 6% වාර්ෂික සහන පොලී අනුපාතිකයක් යටතේ ' Industry ' ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර පළමු අදියරේදී දිවයින පුරා සියළුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ 25 දෙනෙකු වෙත එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ උපරිමයකට යටත් වූ මුදලක් එළඹෙන සැප්තැම්බර් 18 වෙනිදා ලබාදීමට සැලසුම් කොට තිබෙයි.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ රේණුකා ජයලත් මහත්මිය ප්‍රමුඛ IDB නිළධාරින් , ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී පාලිත සුමේධ මහතා ප්‍රමුඛ RDB නිළධාරින් එක්වූහ.
ස්ථානය: ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කැලණිය
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...