කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

ජාතික ආහාරපාන සම්මන්ත්‍රණය - 2023

ආහාර පාන ආශ්‍රිත ලෝක වෙළෙඳපොළ සදහා සාර්ථකව පිවිසීමට අවශ්‍ය කරන මගපෙන්වීම මෙරට ආහාර පාන නිෂ්පාදන අංශයට ලබාදීමේ අරමුණින් කර්මාන්ත අමාතංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය ( IDB) හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය ( UNIDO) සංවිධානය කල ජාතික ආහාර පාන සම්මන්ත්‍රණය ( National Food & Beverage Conference - 2023 ) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් 2023.08.25 දින කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පැවැත්විණ.

මෙහිදී මුඛ්‍ය දේශනයන් Finagle Lanka ( pvt) Ltd හි ප්‍රධාන විධායක නිළධාරි කුෂාන් අමරසිංහ මහතා , Ceylon Plant Food ( pvt ) Ltd හි සභාපති අනීෂ් ජුනයිඩ් මහතා සහ Nelna Agri Development ( pvt ) Ltd හි අධ්‍යක්ෂ පුන්‍යා නානායක්කාර මහත්මිය එක්වූවාය. මුඛ්‍ය දේශනයන් අවසානයේ ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධවන රාජ්‍ය නිළධාරින් සමග ශ්‍රි ලංකාවේ ආහාර පාන කර්මාන්තයේ අනාගතය පිලිබඳව සාකච්ඡා කල අතර ලෝකයේ පවතින අවශ්‍යතාවයන් හදුනා ගනිමින් මෙම අංශයේ අපනයනයන් වැඩි දියුණු කිරීම පිලිබදවත් ශ්‍රි ලංකාවේ එළවලු හා පලතුරු අපනයන හැකියාව පිලිබදවත් දී දීර්ඝ ලෙස කතිකා කෙරිණි.

මෙම සම්මන්ත්‍රණය සදහා කර්මාන්ත අමාතංශයේ අතිරේක ලේකම් රන්ජිත් විමලසූරිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය නිලධාරීන් , UNIDO හි ප්‍රධානීන්, Sri Lanka Food Processors Association හි සභාපති තුසිත් විජේසිංහ, පුද්ගලික අංශයේ නිලධාරීන්, ආහාර පාන කර්මාන්ත ආශ්‍රිත ව්‍යවසායකයින් ,කර්මාන්තකරුවන්, ආයෝජකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Venue: Marino Beach Hotel, Colombo