කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

කර්මාන්ත පුනර්ජීවනය කිරීමේ ජාතික වැඩසටහන - ගම්පහ

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කට එක් කර්මාන්තයක් අලුතින් බිහි කිරීම සදහා වන කර්මාන්ත පුනර්ජීවනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහන 2025/11/27 ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

මෙම අවස්ථාව සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මැතිතුමා ,ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ මැතිතුමා, කර්මාන්ත අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පිකා හෙට්ටිආරච්ච් මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ සභාපති තුමන්ලා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා, කර්මාන්ත සංවර්ධන මණඩලයේ සභාපති රවී නිශ්ශංක මහතා, ප්‍රාදේශීය ලේකම්වරු,අධ්‍යක්ෂවරුන් වන එස්.ඒ.ජී.සේනානායක මයා ,රන්ජිත් පද්මලාල් මයා,බන්දුල ගමගේ මයා,නියෝජ්‍ය අධ්‍යක්ෂ සමින්ද රණතුංගගේ මයා හා ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු ආයතන ප්‍රධානීන් සහභාගී විය. මේ වැඩසටහන සදහා ආයෝජකයින් 180 ක් පමණද සහභාගි විය.

Venue: Auditorium - Gampaha District Secretariat