කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

“ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සන්නාම-2024” අවසන් වටයේ ඇගයීම් සිදු කෙරේ..

කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් “අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක්” යන තේමාව යටතේ ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සන්නාම-2024 අභිමානයෙන් යුතුව පවත්වනු ලැබේ. මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ කර්මාන්ත සන්නාමයන් සඳහා පිළිගැනීමක් උත්පාදනය කිරීමේදී සහ ඔවුන් සුවිශේෂී ජයග්‍රහණ කරා පෙළඹවීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. තවද, එය කර්මාන්තවල දියුණුවට විවිධ ධනාත්මක බලපෑම්වලට තුඩු දෙන, කැපී පෙනෙන කර්මාන්ත සන්නාමවල හඳුනා ගැනීමට සහ ඒවා සැමරීමට වේදිකාවක් ලෙස කටයුතු කරනු ඇත.

මේ සඳහා කර්මාන්ත අංශ 25ක් ආවරණය වන පරිදි කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ වෙළඳ සන්නාමවලින් අයදුම්පත් කැඳවන ලදී. මූලික වටයේ ඇගයීම් වලින් පසුව, තෝරාගත් අයදුම්කරුවන් අවසන් වටයට යොමු කරන ලදී. අවසන් වටයේ ඇගයීම් 2024 මැයි 11, 12 සහ 18, 19 යන දිනවල බත්තරමුල්ල, Waters Edge හිදී පැවැත්විණි. මෙම ඇගයීම් කටයුතු සඳහා ගෞරවනීය කර්මාන්ත වෘත්තිකයන්ගෙන් සමන්විත ජාතික විනිසුරු මඩුල්ලක් එක් විය.

ස්ථානය: වෝටර්ස් එජ්, බත්තරමුල්ල