කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

2025 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත 2025 වර්ෂය සඳහා භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා ලියාපදිංචි විමට කැමැත්තක් දක්වන පිළිගත් නිෂ්පාදකයින්, එකම ඒජන්තවරුන්, බෙදාහරින්නන්, ආනයනකරුවන්, බළයලත් අලෙවිකරුවන්, තොග වෙළඳ ආයතන, සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් යොමු කළයුතු ආකාරය
2025 වර්ෂය සඳහා එක් එක් අයිතම වලට අදාළ වන අනු අංකය වෙනුවෙන් රු.1000/- ක ආපසු නොගෙවන ලියාපදිංචි වීමේ ගාස්තුවක් ගෙවියයුතු අතර, අයදුම්කරුවන් විසින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මුදල් අයකැමි වෙත මෙය මුදලින් හෝ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නමට ලියන ලද චෙක්පතක් මගින් ගෙවීම් කළ හැක.

මුදල් ගෙවු කුවිතාන්සිය/චෙක්පත ඉල්ලුම් පත්‍රය සමඟ අමුණා “2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම“ යනුවෙන් ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ සලකුණු කොට 2024/12/11 වන දිනට පෙර ලැබෙන පරිදි සභාපති, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක : 615, ගාලුපාර, කටුබැද්ද, මොරටුව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනැවිත් භාරදීම කළ යුතුය.

ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි නඩත්තු වැඩ හා අළුත්වැඩියාවන් සඳහා ලියාපදිංචිය අපේක්ෂා කරන අයදුම්කරුවන් ශ්‍රි ලංකා කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය සමගින් ඉදිකිරීම් සංවර්ධන හා පුහුණු කිරීමේ ආයතනයේ (CIDA) ලියාපදිංචිය ලබා තිබිය යුතු අතර, එම ලියකියවිලිවල ඡායා පිටපත් ඉදිරිපත් කළයුතුය.

භාණ්ඩ හා සේවා අයිතම කිහිපයක් සඳහා ලියාපදිංචිවීමට අදහස් කරන්නේ නම් එක් එක් අයිතමයන් සඳහා එකවර මුදල් ගෙවා එකම අයදුම්පත්‍රයක් මගින් අයදුම් කළහැක. අසම්පුර්ණ හා නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැපයීම් සහ සේවා ලබාගැනීමේදී ලියාපදිංචි සැපයුම්කරුවන්/සේවා සපයන්නන්ගෙන් මිලගණන් කැඳවීම සිදුකරන අතර, අවශ්‍යතාවය අනුව ලියාපදිංචි නොවු වෙනත් සැපයුම්කරුවන්/සේවා සපයන්නන්ගෙන් ද මිලගණන් කැඳවීම හා සැපයුම් හා සේවා ලබාගැනීමේ අයිතිය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සතුය.

වැඩිදුර විස්තර දුරකථන අංක: 011-2607004 ඔස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැපයුම්) මගින් ලබාගත හැක.

    අංකය ශීර්ෂය මාධ්‍ය සබැඳිය
    1 නිෂ්පාදන / සේවා වර්ග ඉංග්‍රීසි නරඹන්න
    2 නිෂ්පාදන / සේවා වර්ග සිංහල නරඹන්න
    3 ආදර්ශ අයදුම්පත ඉංග්‍රීසි නරඹන්න
    4 ආදර්ශ අයදුම්පත සිංහල නරඹන්න