අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනු වස් ආර්ථිකයයේ කොදු නාරටිය ලෙස සැලකෙන නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයන් බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ මෙරට කර්මාන්ත ව්‍යවසායකයන් 300ක් දෙනා ඇගයුණු " ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023" කර්මාන්ත හා සෞඛ්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන්, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 1දින කොළඹ නෙළුම් පොකුණ රගහලේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.
' ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ' කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රධාන කාණ්ඩ 21 ක අනුකාණ්ඩ 67 යටතේ ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්ෂද්ර, සුළු, මාධ්‍ය හා මහා පරිමාණ යන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වූ තරගකාරී කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයක් අතුරින් විශ්වවිද්‍යාල අචාර්ය, මහාචාර්යවරුන්, කර්මාන්ත ක්ෂේත්රයට සම්බන්ධ රජයේ ප්රමුඛ පෙළේ ආයතන නිලධාරින් ඇතුළු විසි දෙනෙකුගෙන් සැදුම් ලත් විද්වත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මගින් මෙම ජයග්‍රාහී කර්මාන්ත ව්‍යවසායකත්ව 300 තෝරා ගැනීම සිදුකොට තිබිණි.
එහිදී ලෝකඩ සම්මාන 84ක් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතිනුත් , රිදී සම්මාන 96ක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතිනුත් , ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයන් වෙනුවෙන් රන් සම්මාන 99ක් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතිනුත් පිරිනැමුණි. රන් සම්මාන කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත වෙනුවෙන් රන් සම්මාන 17ක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමුණු අතර සමස්ථ කර්මාන්ත ක්ෂේත්රය වෙනුවෙන්ම ක්ෂුද්‍ර පරිමාණ අංශයෙන් Sanota (Pvt) Ltd. වෙනුවෙනුත්, කුඩා පරිමාණ අංශයෙන් Thotawaththa Engineering Works ආයතනය වෙනුවෙනුත්, මධ්‍ය පරිමාණ අංශයෙන් Danusha Group of Companies වෙනුවෙනුත්, මහා පරිමාණ අංශයෙන් Dipped product PLC ආයතනය වෙනුවෙනුත් සම්මාන උළෙලේ අතිවිශිෂ්ටයන් ලෙස සිවුදෙනෙකු වෙත ප්ලැටිනම් සම්මානයන් පිරිනැමීමද සිදුකෙරිණි.
මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සංවර්ධන අරමුදල ශක්තිමත් කරමින් , රාජ්‍ය යාන්ත්රණයටම ආදර්ශයක් එක්කරමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සියළු කාර්ය මණ්ඩලය තම දිනක වැටුප ලෙසින් රුපියල් හත්ලක්ෂ තිස්තුන් දහස් නමසිය එකොලහක ( රු.733,911/=) මුදලක් කර්මාන්ත සංවර්ධන අරමුදලට පිරිනැමීමද සිදුකෙරිණි. එමෙන්ම යුනිලිවර් ආයතනය තම සමාජ වගකීම් ඉටුකිරීමක් ලෙස සලකා IDB කර්මාන්ත සංවර්ධන අරමුදල ශක්තිමත් කිරීමට වර්ෂයක කාල රාමුවක් වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් පිරිනැමීමට එකගතාවයද මෙහිදී ඇති කරගැනීම සිදුවිය.
එයට අමතරව රටතුළ කර්මාන්ත සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කර්මාන්ත වෙනුවෙන්ම වූ නාලිකාවක් ලෙසින් ආරම්භ කෙරෙන ' Industry TV ' නාලිකාව ජනගත කිරීම සිදුකෙරුණු අතර එහි විකාශන කටයුතු නොවැම්බර් 21 වෙනිදා සිට Peo TV අංක 130 ඔස්සේ සිදුකිරීමට නියමිත වෙයි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු ආයතන සභාපතිවරුන් , රාජ්‍ය නිළධාරින් , විශ්වවිද්‍යාල ආචාර්ය , මහාචාර්යවරුන් , ප්රමුඛ කර්මාන්ත ව්‍යවසායකත්වයන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
සම්පූර්ණ වීඩියෝව: https://www.youtube.com/watch?v=VbYbX3aS33c
Venue: Nelum Pokuna Theater
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...