
ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයට නව ආරම්භයක් සනිටුහන් කරමින්, රාජ්‍ය ආර්ථිකයට සෘජු දායකත්වයක් සපයන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) ආයතන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යන ජාතික කර්තව්‍යයට උරදෙමින්, 600කට ආසන්න කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සියලු සේවක පිරිසගේ රැකියා විස්තරයන් (Job Description) සැකසීම සහ ආයතනයේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සෑම සේවකයෙක් වෙනුවෙන්ම ප්‍රධාන කාර්ය සාධක දර්ශකයන් (KPl) නියම කිරීම යන කර්තව්‍යයන් සිදුකිරීම මගින් තම ආයතනයට නව මුහුණුවරක් ලබාදීමට 2025.04.04 දින තම පලමු පියවර තැබුනි. මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම උදෙසා මානව සම්පත් කලමනාකරණ අධ්‍යයනය වෙනුවෙන් ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) තම සෘජු දායකත්වය සහ මැදිහත්වීම සිදු කරනු ලබයි. මෙම සුවිශේෂී අවස්ථාවේ IDB ආයතනය සහ CIPM ආයතනය අතර සහයෝගීතාවය සනිටුහන් කරලමින් එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අප්‍රේල් 04 දින සිදු කරනු ලැබුනි. IDB ආයතනය නව පර්ච්ඡේදයකට මුල පුරන මෙම කර්තව්‍යයේදී CIPM ආයතනය වෙනුවෙන් විශේෂඥ උපදේශක සහ ආයතනික පුහුණුකරු ප්‍රසන්න ලියනආරච්චි මහතා විසින් තම දැනුම, නොමසුරු දායකත්වය සහ මහපෙන්වීම IDB කාර්ය මණ්ඩලය වෙත ලබාදෙනු ඇත. මෙම අත්වැල් බැඳ ගැනීම තුල කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානතම අභිප්‍රාය වනුයේ, නව කර්මාන්තකරුවන්, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත ආයතනය විසින් ලබාදෙන සේවාව තව දුරටත් නියාමනය කරමින්, වඩා සුමට හා කාර්යක්ෂම සේවාවක් තම සේවාදායකයාට ලබාදීමයි. මෙම අවස්ථාවට IDB ආයතනය නියෝජනය කරමින් ගරු සභාපතිතුමන්, අධ්‍යක්ෂ ජනරාල්තුමන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයත් CIPM ආයතනය නියෝජනය කරමින් වෘත්තීය හා අධ්‍යයන කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ (Director Professional & Academic Affairs)- ජී. වීරතුංග මහතා, ව්‍යාපාර පාසල් මෙහෙයුම් කලමනාකාරිනි (Manager Business School Operations) - ලශිකා ලියනාරච්චි මහත්මිය සහ තිරසරභාවය සහ පහසුකම් කලමනාකරණය පිලිබඳ ප්‍රධානි (Head of Sustainability and Facility Management) - චන්දිම පින්සිරි මහතා සහභාගි විය.
ස්ථානය: අධ්‍යක්ෂ මණ්ඩල කාමරය - කාසම
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...