කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

2023 කර්මාන්ත ප්‍රදර්ශනය මහනුවර බෝගම්බර පිටියේදී.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවට නව ව්‍යාපාර අවස්ථා හඳුනා දීම සහ දැනට පවතින කර්මාන්තවල දේශීය හා විදේශීය වෙලඳ අවස්ථාවන් වර්ධනය කිරීම අරමුණු කර ගත් ප්‍රායෝගික වැඩපිලිවලක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භකර ඇත.

මෙම වැඩපිලිවල යටතේ දේශීය ජනතාවට ප්‍රායෝගික ව්‍යාවසායකත්ව දැනුම ලබා දී ව්‍යාවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණ ඇතුව රට තුල ප්‍රධාන කේන්ද්‍රස්ථාන මූලික කරගෙන කර්මාන්ත ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීම මේ වන විට දියත් කර ඇත.

මෙම කර්මාන්ත ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය ඔක්තෝබර් 06, 07 හා 08 යන දිනයන්හී මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වේ.

ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති විවිධ කර්මාන්ත ක්ශේත්‍රයන් යටතේ ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී දැකිය හැක.

නව තාක්ෂනයන් හඳුනා ගැනීම, අලුත් ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම, අළෙවි අවස්ථාවන් ලබා ගැනීම, නව නිශ්පාදන කෙරෙහි යොමුවීම මෙන්ම ලංකාව පුරා ඇති නිෂ්පාදන අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාවද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන් ලබා ගත හැකිවේ.

මීට අමතරව මෙම ප්‍රදර්ශනයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුලු කර්මාන්ත සඳහා සේවා ලබා දෙන ආයතන හා සම්බන්ධ වී ඔබට ඔබේ ප්‍රදේශයේ සාර්ථක ව්‍යාවසායකයෙකු වීමේ අවස්ථාවන්ද ලබා ගත හැකිවෙනු ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර 0812224233, 0812201696 හෝ 0718321669 අංක වලට අමතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත හැක.

ස්ථානය: මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය

ANNOUNCEMENTS
Close