කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

දේශීය සාම්ප්‍රදායික විලාසිතා ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 27 ගාලු මුවදොර හෝටලයේ දී

දේශීය සාම්ප්‍රදායික කර්මාන්තවලට සහ එම කර්මාන්තවල නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ආර්ථිකය නඟාසි‍ටුවීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් සංවිධාන කර ඇත.

ඒ අනුව මේ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය සහ දේශීය වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා දේශීය සාම්ප්‍රදායික නිෂ්පාදන වලින් පමණක් සැකසූ ඇඳුම් ආයිත්තම් හා වෙනත් දෑ වල භාවිතය පෙන්වීමට විලාසිතා ප්‍රදර්ශනයක් සංවිධාන කර ඇත.

මෙහි දී දුම්බර කලාව, රේන්ද, පන්, තල් හා තලකොල ආශ්‍රිත නිෂ්පාදන, සම්භාණ්ඩ, විසිතුරු ලී කැටයම් වැනි දේශීය නිෂ්පාදන රාශියකගෙන් සමන්විත නිෂ්පාදන විශාල ප්‍රමාණයක භාවිතය දැකගත හැකි වේ.

මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 ගෝල්ෆේස් හෝටල්යේ දී විදේශීය හා දේශීය ගැණුම්කරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව වැඩි විස්තර 0743855329 දුරකතන අංකයෙන් ලබා ගත හැක.

ස්ථානය: ගාලු මුවදොර හෝටලය, කොළඹ

ANNOUNCEMENTS
Close