කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

International Industry EXPO කර්මාන්ත ප්‍රදර්ශනයට සම්බන්ධවන පාර්ශවකරුවන්ගෙ විශේෂ හමුවක් පැවැත්වේ..

2024 ජුනි 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා BMICH හිදී පැවැත්වෙන ,International Industry Expo 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන්ගෙන් දායකත්වය සපයන පාර්ශවකරුවන්ගෙ සහ විවිධ ආයතන , කර්මාන්ත ප්‍රධානීන්ගේ හමුවක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධනත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ, අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු අතිරේක ලේකම්වරුන් , අමාත්‍යංශ නිළධාරින් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිළධාරින් , ප්‍රදර්ශනයට සම්බන්ධ වන පාර්ශව ආයතනයන්හි නියෝජිතයන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.

ස්ථානය: කර්මාන්ත අමාත්‍යාංශය

ANNOUNCEMENTS
Close