කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

මණ්ඩලයෙන් ඉවත් කරන ලද යන්ත්‍රසූත්‍ර අපහරණය කිරීම

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙනුවෙන් සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (කුඩා) විසින්, මණ්ඩලයෙන් ඉවත් කරන ලද යන්ත්‍රසූත්‍ර අපහරණය කිරීම සඳහා මුද්‍රා තැබූ මිල ගණන්පත් කැඳවනු ලැබේ.

ලංසු අංක                       :  T/05/2026
ලංසු නාමය                              :  මණ්ඩලයෙන් ඉවත් කරන ලද යන්ත්‍රසූත්‍ර අපහරණය කිරීම සඳහා ලංසු කැඳවීම.
ලංසු ලේඛන ගාස්තුව              :  රු.2,000.00 (ආපසු නොගෙවන)
ලංසු තැබීමේ අවසන් කාලය :  2026/11/18 පෙ.ව. 11:30 ට
ලංසු ආරක්ෂණ මුදල : ලංසු වටිනාකමින් 01%කට වැඩි මුදලක් (ලංසු ආරක්ෂණ මුදල IDB ප්‍රධාන කාර්යාලය වෙත ගෙවීම් කළ යුතුය)
ලේඛන නිකුත් කරන ස්ථානය :  සැපයුම් අංශය – IDB ප්‍රධාන කාර්යාලය
ලංසු ලේඛන නිකුත් කරනු ලබන කාලසීමාව :  2026/11/02 - 2026/11/17 පෙ.ව. 09:00 සිට ප.ව. 03:00 දක්වා

  1. අපහරණය කිරීමට නියමිත මෙම අයිතමයන් 2026/11/02 දින සිට 2026/11/17 දින දක්වා කාර්යාලීය දිනයන්හීදී පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා පහත ලිපිනයන්හිදී පරීක්ෂා කර බැලිය හැකි අතර මේ සඳහා ඕනෑම අයෙකුට මිල ගණන් ඉදිරිපත් කළ හැකිය. අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ තහවුරු කළ හැකි වෙනත් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  2. Interested Eligible bidders may obtain further information from the Assistant Director (Supplies) Supply Division, Industrial Development Board of Ceylon, No. 615, Galle Road, Katubedda, Moratuwa and inspect the Bidding Documents from 02/11/2026 to 17/11/2026 on public working days from 09:00 a.m. to 03:00 p.m. The Bidding Documents can also View from the IDB website idb.gov.lk and Ministry of Industry and Entrepreneurship Development website www.industry.gov.lk (for viewing purpose only).
    However, for submission, the bidders must compulsorily submit the document which is purchased from the office mentioned above. Contact 011-2607004 (Assistant Director – Supplies) or 011-2605326, 7 (Extension 148 – Supply Divition).
  3. සිංහල භාෂාවෙන් සකස් කරන ලද සම්පූර්ණ ලංසු ලේඛන කට්ටලයක් මොරටුව, කටුබැද්දේ පිහිටි IDB ප්‍රධාන කාර්යාලයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ වෙතින්, 2026/11/02 සිට 2026/11/17 දක්වා (රජයේ කාර්යාල දිනවල) උදෑසන 09:00 සිට පස්වරු 03:00 දක්වා කාලය තුළ ලබා ගත හැක.
      • ලංසුකරුවෙකු ලංසු ලේඛන මිලදී ගැනීමට පැමිණෙන විට, ව්‍යාපාරික හෝ පුද්ගලික නම, ව්‍යාපාර ලියාපදිංචි අංකය හෝ පුද්ගලික ජාතික හැදුනුම්පත් අංකය, ලංසු අංකය සහ ලංසුවේ නම ඇතුළත් කර, "සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (කුඩා)" වෙත යොමු කරන ලද ඉල්ලීම් ලිපියක්" (Request Letter) ඉදිරිපත් කළ යුතුය.

    සහ

      • ලංසු ලේඛන ලබා ගැනීමට පෙර, ඉහත සඳහන් ආපසු නොගෙවන ලංසු ලේඛන ගාස්තුව ගෙවිය යුතුය. මෙම ගෙවීම් සිදු කළ යුත්තේ මුදලින් (Cash) පමණි.
  4. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු ලේඛන, කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) ප්‍රධාන කාර්යාලයේ, සභාපති කාර්යාලය ඉදිරිපිට ඇති ටෙන්ඩර් පෙට්ටියට දැමිය යුතුය. එසේ නොමැති නම්, ඉහත සඳහන් කර ඇති වේලාවට හෝ ඊට පෙර, "සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (කුඩා), ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව" යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ කුරියර් සේවාවක් මගින් යොමු කළ යුතුය. ලංසු භාර ගැනීම අවසන් වූ වහාම, සහභාගිවීමට කැමති ලංසුකරුවන්ගේ නියෝජිතයින් ඉදිරිපිටදී IDB ප්‍රධාන කාර්යාලයේ පිහිටි සැපයුම් අංශයේදී ලංසු විවෘත කරනු ලැබේ. ලංසුව අඩංගු කවරයේ ඉහළ වම් කෙළවරේ “ලංසු අංකය” සහ “ලංසු නාමය” සඳහන් කළ යුතුය. නියමිත වේලාවට පසුව ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. Late Bids will be rejected.

සභාපති
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (කුඩා)
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
615 ගාලු පාර කටුබැද්ද, මොරටුව
දුරකථන/ෆැක්ස් – 011-2607004

    අංකය ශීර්ෂය මාධ්‍ය සබැඳිය
    1 පුවත්පත් දැන්වීම - සිළුමිණ 26.11.01 සිංහල නරඹන්න
    2 පුවත්පත් දැන්වීම - වාරමංජරී 26.11.01 දෙමළ නරඹන්න
    3 පුවත්පත් දැන්වීම - සන්ඩේ ඔබ්සර්වර් (Sunday Observer) 26.11.01 ඉංග්‍රීසි නරඹන්න
    4 ලංසු ලේඛනය T-5-2026 ඉංග්‍රීසි නරඹන්න