කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

IDB දෙවෙනි Industry Clinic කුරුණෑගලදී සාර්ථකව පවත්වයි....

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පය පෙරදැරිව අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ජාතික වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල වෙත රැගෙන යාමේ 'අරඹමු - ජයගමු' ක්‍රියාන්විතය සාර්ථකව ක්‍රියාවට නංවමින් සිටියි.

ඒ යටතේ ව්‍යපාර සංවර්ධනය හා අපනයනය සඳහා සහය වන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන , මූල්‍ය ආයතන ඇතුළු ව්‍යපාර සේවා ආයතන සියල්ල ඒකාරාශි කරමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , ජාතික රූපවාහිනියත් සහයෝගීතාවයට එක්කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන දෙවෙනි කර්මාන්ත සායනය ( Industry Clinic ) අද (2024.02.20)උදෑසන කුරුණෑගල නගරසභා පරීශ්‍රයේදී සාර්ථකව ක්‍රියාවට නැංවීම සිදුකෙරින.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය ආයතන නිළධාරින් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිළධාරින් ප්‍රමුඛ විශාල පිරිසක් එක්ව සිටියහ.

Venue: Kurunegala Municipal Council

ANNOUNCEMENTS
Close