කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ...

රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් අද (2023.10.06) උදෑසන මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී අභිමානවත්ව ආරම්භ කෙරිණි.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම මධ්‍යම පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Kandy Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි.

අද ආරම්භ වූ ප්‍රදර්ශනය ඔක්තෝබර් 7 සහ 8 දෙදින පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර , කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ඩබ්.එම්.එම්.මඩහපොල , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ජී. උපාලි රණවක , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Venue: old Bogambara Jail premises in Kandy