කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

ගෘහස්ථ ස්මාර්ට් විදුලි රෝද පුටු නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ව්‍යවසායකයින්ට සහාය වීම

කාර්මික සංවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් ව්‍යවසායකයෙක හා සාර්ථක ඉදිරි ගමනක ආරම්භය සනිටුහන් කරමින් විදුලි රෝද පුටු සහ උපාංග දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විද්‍යුත් රෝදපුටු නිර්මාණකරු සහ නිෂ්පාදකයා වන “Moving on Wheels” සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර 2023 මාර්තු 9 වන දින මණ්ඩලයේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් අවශ්‍ය ප්‍රමිතිකරණය දේශීයව සංවර්ධනය කිරීම අරමුණු කරගත් තවත් දැවැන්ත වැඩසටහනක ආරම්භය සනිටුහන් කර ඇත. විද්‍යුත් රෝද පුටු සහ උපාංග දේශීයව නිෂ්පාදනය කිරීම, නවතම මාදිලි එකලස් කිරීම සහ ජාත්‍යන්තරව වෙළඳපොළට අලෙවි කිරීම, තත්ත්ව පාලනය සහ ප්‍රමිතීන්, අවශ්‍ය පරීක්ෂණ, දේශීය සැපයුම් දාමයක් නිර්මාණය කිරීම සහ තෙවන පාර්ශවීය තත්ත්ව සහතික මත පවත්වා ගැනීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙහිදී සහය වේ.

ගිවිසුම අත්සන් කරන අවස්ථාවට “Moving on Wheels” නිර්මාතෘ තරංග වගසෙනවි මහතා සමාගම නියෝජනය කළ අතර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සහභාගි විය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.යූ. රත්නමලල, සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන .) සහ ඉංජිනේරු අධ්‍යක්ෂ කපිල නිශාන්ත යන මහත්වරු ද , “Moving on Wheels” හි ව්‍යාපාරික සහකරු අරුණි නිරංජනී මහත්මිය සහ කේ. යූ. රාජවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

කාර්මික අංශය නඟා සිටුවීමට කාර්මික සංවර්ධන මණ්ඩලයේ මැදිහත්වීම අත්‍යවශයෙන් සිදුකරමින් දේශීය රෝදපුටු උපාංග නිෂ්පාදකයින්ගේ සැපයුම් දාම ජාලය ගොඩනැගීම සඳහා සහාය වීමේදී “Moving on Wheels” ප්‍රවර්ධනය කිරීම, ප්‍රමිතිකරණය යටතේ සම්මත ක්‍රමවලට අනුව විද්‍යුත් රෝදපුටු උපාංග නිෂ්පාදනය කිරීම මගින් දේශීය කර්මාන්තය දිරිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සඳහා අඛණ්ඩ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් හඳුන්වා දීමද සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය සත්කාරකත්වය දරන කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනෙක් ප්‍රධාන අභිප්‍රාය වන්නේ විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ දියුණුවට සහ තම පවුලට සහ සමාජයට බරක් නොවී තම දෛනික කටයුතු පහසුවෙන් කරගෙන යාමට හැකිවීමයි. IDB හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘති ඔස්සේ සමාජ සත්කාරයක් ලෙස දේශීය හා විදේශීය සංවිධානවලට මේ සම්බන්ධයෙන් තවදුරටත් Moving on Wheels ආයතනය සම්බන්ධ කර ගත හැක. පහත සබැඳියෙන් එවැනි සත්කාරක ක්‍රියාකාරකම් නැරඹීමට අපි ඔබට ආරාධනා කරමු.

Venue: Colombo

ANNOUNCEMENTS
Close