
The “National Industry Excellence Awrd-2024” is conducted by the Industrial Development Board of Ceylon under the guidance of the Ministry of Industries. Awards will be given as below.
ජාතික සම්මාන
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අගනා දායකත්වයක් සපයන හොඳම ව්‍යවසායකයින් කර්මාන්ත අංශ 24ක් යටතේ ජාතික වශයෙන් තෝරා ගැනේ. මේ යටතේ හඳුනාගත් කර්මාන්ත අංශ 24ක් යටතේ මහා පරිමාණ හා ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත තවදුරටත් වර්ගීකරණය කෙරෙන අතර හඳුනාගත් කර්මාන්ත අංශ 24ක උප අංශ 76ක් යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ගීකරණය කෙරේ.
ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ජයග්‍රාහකයන්ට පිළිවෙලින් රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමේ.
ප්ලැටිනම් සම්මාන
මෙම විශිෂ්ඨතම කර්මාන්තකරුවන් තේරීමේ තරඟාවලියේ ඉහලම පරිසාදන මට්ටමක් ලබාගන්නා කර්මාන්ත සඳහා ජාතික මට්ටමේ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ කාණ්ඩයන් සඳහා වෙන් වෙන්ව ප්ලැටිනම් සම්මානයන් පිරිනමනු ලබයි.
අයදුම්පත් කැඳවීම
පහත සඳහන් කර්මාන්ත කාණ්ඩ වර්ගීකරණයන්ගෙන් සමන්විත අයදුම්පත් 2024/ 08/23 දින සිට කැඳවනු ලබන අතර, 2024/ 10/20 වන දිනට ප්‍රථම සම්පුර්ණ කල අයදුම්පත් ඔබ ආයතනය අයත් දිස්ත්‍රික්කයේ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතුය.
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...