කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

“පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ' වැඩසටහන

අධ්‍යාපන අමාත්‍යාංශය ,කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටතුළ ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ' පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ' වැඩසටහනේ මූලික අදියර වූ ගුරුවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව 2023.06.15 දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ආරම්භ විය.

මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණු වන්නේ ,ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලි හා ඵලදායි ලෙස දායක විය හැකි ව්‍යවසායකත්වය පෙර දැරිකරගත් සිසු පරපුරක් සමාජ ගත කිරීමට පාසැල් යොමු කිරීමයි.

එමෙන්ම කර්මාන්ත බිහි කිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් සමස්ත රට තුළ ගොඩ නැඟිම , රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නකු නොව රටේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන රැකියා නිර්මාණය කරන්නකු පාසැල් තුළින් සමාජයට එක් කිරීම, සමාජයේ කවර හෝ පුද්ගල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබාදීම සඳහා ව්‍යවසායකත්ව නිපුණතා අත්පත් කර දීම සහ අභියෝග හමුවේ එයට ප්‍රතිචාර දක්වමින් එය තමාගේ වාණිජමය අවස්ථාවක් බවට පත් කරගත හැකි දෙපයින් නැඟී සිටින ශ්‍රී ලාංකිකයකු බිහි කිරීමත් මෙම වැඩසටහනේ සෙසු අරමුණු අතර වෙයි.

නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පාසැල් 10,146 ක් අතුරින් සෑම දිස්ත්‍රික්කයක්ම , සෑම අධ්‍යාපන කලාපයක්ම ආවරණය වන ලෙස සිංහල, දෙමළ , මුස්ලිම් පාසැල්ද ඇතුලත් වන ලෙසට පාසැල් 150 ක ගුරුවරුන් මෙම දෙදින වැඩමුළුවට එක්කොට ගෙන තිබෙන අතර මෙම ගුරුවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම පාසල්වල ආරම්භ කරන කර්මාන්ත ව්‍යවසායකත්ව කව සඳහා 9 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ ඕනෑම විෂය ධාරාවක් හදාරන සිසුන්ට එක්විය හැකිවෙයි. මෙම වසර තුළ පාසල් 300 ක එම කව ආරම්භ කරමින් 2024 වසර අවසාන වනවිට පාසල් 3000 ක් වර්ධනය කිරීම තමයි අපේ ඉලක්කය වෙයි.

මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව රටතුළ ක්‍රියාත්මක කිරීමෙන් රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපන හදාරන සිසු පරපුරක් වෙනුවට නිර්මාණශීලී ,ලෝකය ජයගත හැකි රැකියා උත්පාදනය කරන ව්‍යවසායක සිසු පරපුරක් සමාජයට දායාද කිරීමට පාසැල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව වලට හැකි වනු ඇත.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න. ඇතුළු නිළධාරින් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Venue:

ANNOUNCEMENTS
Close