කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

ගෝලීය තරඟකාරීත්වයට මුහුණදීමට හැකිවන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිපුණතා ශ්‍රමය වැඩිදියුණු කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2024.04.08 දින පෙරවරුවේ නිපුනතා පියස, කොළඹ 05 පරිශ්‍රයේදී සිදුවිය.

මේ සඳහා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය නියෝජන කරමින් සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, පී.එල්.යූ. රත්නමලල මහතා, අධ්‍යක්ෂ ජනරාල්, එච්.එම්.එස්. සමරකොන් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, නිශාන්ත වීරතුංග මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වූ අතර, හා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නියෝජනය කරමින් සභාපති, ආචාර්ය උදේනි වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ජානක ජයලත් මහතා, අධ්‍යක්ෂ/කර්මාන්ත සම්බන්ධතා ,මංජුල විදානපතිරණ මහතා සහභාගි විය.

අවබෝධතා ගිවිසුම තුළින් විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල අවශ්‍යතා හා වෘත්තීය නිපුනතා ශ්‍රමය අතර පවතින විශමතාවය අවම කර, ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා කර්මාන්තවල සේවක නිපුනතා මට්ටම සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. මූලික අදියරේදී, Construction & Decor (Ceramic), Footwear & Leather, Automobile & Automotive Parts, Design & Packaging යන ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

ස්ථානය: නිපුනත පියස, කොළඹ 05

ANNOUNCEMENTS
Close