කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

කර්මාන්ත උදෙසාම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ' Industry TV ' ඇරඹේ..

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාලිකාව අද (21) ජනගත කිරීම සිදු කෙරිණ.

එහි සමාරම්භක උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවැත්විණි.

ලෝක රූපවාහිනි දිනයට සමගාමීව ආරම්භ කෙරුණ මෙම නාලිකාව Peo TV අංක 130 ඔස්සේ විකාශය කෙරෙන අතර Your Winning Line ( ඔබේ ජයග්‍රහණයේ රේඛාව ) යන තේමාවෙන් ක්‍රියාත්මක වෙයි.

නොවැම්බර් 21 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා හඳුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News , කර්මාන්ත කතා , වැඩබිම් රසෝඝය, Plus Mind , Help Desk , ව්‍යවසායකත්ව රජ දරුවෝ , Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40 ක් Industry TV නාලිකාව තුළ විකාශය සදහා අන්තර්ගත වෙයි.

දේශීය අංකුර ව්‍යවසායකයන්ට මග පෙන්වීම උදෙසා ව්‍යවසායකයින් සදහාම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තිරසර ව්‍යවසායක සංවර්ධන ප්‍රවේශය ( SEDA) විසින් සකස් කළ Start up හා Scale up නමින් පුහුණු අත්පොත් 2 ක් එළිදක්වන ලද අතර ව්‍යවසායකයින් සමාජයීයව අභිමානයට ලක්කිරීමේ ජාතික වැඩසටහනට ආරම්භය තබමින් ලංකාවේ ප්‍රථම වරට දේශීය ව්‍යවසායකයින් සදහා සහතිකයක්, වෘත්තීය හැදුනුම්පතක් හා වාහන අවසරපත්‍රයක් (Car pass ) ලබාදීමත් අද දින සිදුකරන ලදී.

එසේම 2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලට සදහා ව්‍යවසායකයින් 4000 ක් අතරින් සම්මාන සදහා ව්‍යවසායකයින් 300 දෙනෙක් තෝරාපත්කර ගත් ගෞරවණීය විනිශ්චය මණ්ඩලය සදහා ඇගයීම් සම්මාන ප්‍රදානය කිරීමද කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදුවිය. එයට අමතරව ලෝකයේ නව තාක්ෂණය සිය නිෂ්පාදන වෙත යොදා ගනිමින් මෙරට නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ කර්මාන්තායතන ඇගයීමද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, SLT PEOTV ප්‍රධාන විධායක නිළධාරි රුචිර වීරකෝන් , Industry TV නාලිකා ප්‍රධානී දිනේෂර පුංචිහේවා , අමාත්‍යාංශ නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ව්‍යවසායකයින්, අනුග්‍රාහක ආයතන වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Venue:

ANNOUNCEMENTS
Close