“අප රට තුළ ආර්ථික සංවර්ධනය ප්‍රායෝගිකව ජය ගැනීම උදෙසා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගියයුතු බවත්, ඒ සඳහා මෙරට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකළ යුතු බවත්, එම කාර්යභාරය මැනවින් බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කරලීමේ කාර්යේදී දැනට පවතින කර්මාන්ත ව්‍යවසායකයින්ටහා ඉදිරියට බිහිකිරීමට අපේක්ෂිත කර්මාන්ත ව්‍යවසායකයින්ට, නිසි මගපෙන්වීමක් සිදුකිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ප්‍රථම වරට කර්මාන්ත ව්‍යවසායකත්ව පුහුණු උපදේශකයන් පුහුණු කිරීම ආරම්භ කළ බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා රත්මලාන ජල සම්පත් ශ්‍රවණාගාරයේ පැවති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන කර්මාන්ත ව්‍යවසායකත්ව පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩමුළුව අවසන් කළ උපදේශකයින්ට සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයේදීය.
මෙම කර්මාන්ත ව්‍යවසායකත්ව පුහුණු උපදේශක පාඨමාලාව දින 10ක් පැවැත්වුණු අතර, එයට විවිධ විද්වත් වෘත්තීන් නියෝජනය කරන විද්‍යාර්ථයන් 34 දෙනෙකු සහභාගී විය. මෙම දස දින වැඩමුළුව තුළ සහභාගීවූ විද්‍යාර්ථයින්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කරමින්, නව කර්මාන්ත ව්‍යවසායන් ආරම්භ කිරීම, දැනට පවතින ව්‍යවසායන් ඵලදායී ලෙස දියුණු කිරීම, ඒ පිළිබඳ උපායමාර්ග ආදිය අඩංගු විෂය නිර්දේශයක් ඔස්සේ දැනුම ප්‍රායෝගිකවම ලබාදීම සිදුවිය.
මෙම වැඩමුළුවට සහභාගීවූ විවිධ කුසලතා සහිත විද්‍යාර්ථීන් මෙම දසදින පාඨමාලාව තුළින් තමන් ලබාගත් දැනුම පිළිබඳව අගය කරමින් සිය අදහස් දැක්වීය. එසේම ඔවුන මෙරට ආර්ථික සංවර්ධනය සිය උපරිම දායකත්වය ලබාදෙන බවද, ඒ සඳහා ව්‍යවසායකයින්ට පුහුණු ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
Mr. Dr. Saranga Alahapperuma, Chairman of Industrial Development Board, who spoke further, said:
“To the more than 500 staff of the Industrial Development Board, we welcome you all as new members. We hope that your contribution will continue to support our organization, which leads to create an entrepreneurial culture to build an export-oriented manufacturing economy. In fact, to build our business scientifically and strategically, I request you to give your knowledge as an additional teaching to entrepreneurs across the country and build them strong.”
The Director General of Industrial Development Board HMS Samarakoon, Director (Entrepreneurship Development) Renuka Jayalath, Director (Regional Development) PPPS Dickwella, Deputy Director (Entrepreneurship Development) Ranjith Padmalal, gentlemen participated in this event. .
මාධ්‍ය ඒකකය
කාර්මික සංවර්ධන මණ්ඩලය
ස්ථානය: CEWAS - රත්මලාන
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
