කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

රජයේ සහතිකලත් ව්‍යවසායකත්ව සංවර්ධන උපදේශකයෙකු පුහුණුකරුවෙකු වීමට ඔබත් කැමතිද ?

ශ්‍රී ලංකාව තුල නව ව්‍යාපාර සහ පවතින ව්‍යාපාර සදහා පහසු පරිසරයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු කරුවන් පුහුණු කර ඔවුන් පෞද්ගලික ව්‍යවසායකත්ව සංවර්ධන උපදේශක වෘත්තීයකයන් කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කරනු ලබයි.
ඔබ උපාධිය හෝ ඊට සමාන සුදුසූකමක් හෝ ව්‍යාපාරික පලපුරුද්දක් ඇති අයෙකු නම් ඔබටද ඊට අයදුම් කල හැකිය. පුහුණුවෙන් පසු ඔබට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහතික ලත් ව්‍යවසායකත්ව සංවර්ධන උපදේශකවරයෙකු ලෙස වෘත්තීය ආරම්භ කිරීමට හැකියාව ලැබේ.
පුහුණුවෙන් පසු නව ව්‍යාපාර ආරම්භ කිරීමේ පුහුණුකරුවකු ලෙසත් ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට සහ ව්‍යාපාර සහ සමාගම් ‍ලියාපදිංචිය කිරීමේ උපදෙස් ලබාදීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න 0112632156/ 0717280148 හෝ ක්ෂණික ඇමතුම් 1995.
ඔබගේ අයදුම්පත යොමුකරන්න idbcedacs@gmail.com

ANNOUNCEMENTS
Close