ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, දේශීය සැපයුම් දාමය පුළුල් කිරීම සහ ආනයන මත යැපීම අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන IDB–BOI Feeder Zone ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස, ඒකල කාර්මික ජනපදයේ සිට අපනයන වෙළඳපොළ වෙත සැපයුම් සිදුකරමින් දේශීය සැපයුම් දාමයට දායක වන කර්මාන්තකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සාර්ථකව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ IDB කාර්මික ජනපදවල ක්‍රියාත්මක වන දේශීය කර්මාන්තකරුවන් සහ BOI සමාගම් අතර වඩාත් ශක්තිමත් ව්‍යාපාරික හා සැපයුම් සබඳතා ගොඩනඟමින්, දේශීය නිෂ්පාදන ජාතික හා අපනයන සැපයුම් දාමයන් වෙත වැඩි වශයෙන් සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය අවස්ථා හඳුනාගැනීමයි.
සාකච්ඡාවේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා විසින් අනාගත i5 කාර්මික ක්‍රමෝපාය පිළිබඳව පැහැදිලි කළ අතර, IDB හි කාර්මික ජනපද හා ප්‍රාදේශීය සංවර්ධන අංශ එක්ව කර්මාන්තකරුවන් සමඟ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු සාකච්ඡා කරන ලදී.
මෙහිදී සහභාගී වූ කර්මාන්තකරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාපාරික අත්දැකීම්, වර්තමාන නිෂ්පාදන හා සැපයුම් හැකියාවන්, දේශීය මිලදී ගැනීම් පුළුල් කිරීමේ අවස්ථා, පවතින අභියෝග සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳව වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩපිළිවෙළ එක් සාකච්ඡාවකට සීමා නොවන අතර, IDB කාර්මික ජනපදවල දේශීය කර්මාන්තකරුවන්, BOI සමාගම් සහ ජාතික නිෂ්පාදන හා අපනයන සැපයුම් දාමය අතර ශක්තිමත් හා තිරසාර සබඳතා ජාලයක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දිගුකාලීන වැඩපිළිවෙළක ආරම්භක පියවරකි.
ඒකලින් ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ දිවයින පුරා පිහිටි IDB කාර්මික ජනපද සහ BOI සමාගම් අතර කර්මාන්ත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දේශීය නිෂ්පාදකයින් සඳහා නව වෙළඳපොළ අවස්ථා සහ දේශීය සැපයුම් අවස්ථා නිර්මාණය කිරීම දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා Unimak (Pvt) Ltd, Cantec Exports (Pvt) Ltd, Mango Graphic Solutions (Pvt) Ltd, CK Packaging (Pvt) Ltd, Lanka Polybags & Packaging (Pvt) Ltd, Anton Plastic Industries, Micro Auto Products (Pvt) Ltd, Ceylon Tapes (Pvt) Ltd, Pan Asia Coloured Yarns (Pvt) Ltd සහ Star Paper Bobbins (Pvt) Ltd යන ආයතන නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරීවරුන්, කළමනාකාර අධ්‍යක්ෂවරුන්, කර්මාන්තශාලා කළමනාකරුවන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
එසේම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්මික ජනපද හා ප්‍රාදේශීය සංවර්ධන අංශවල අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, දේශීය සැපයුම් දාමය පුළුල් කිරීම සහ කර්මාන්ත අතර ඵලදායී සබඳතා ගොඩනැගීම තුළින් ශක්තිමත් කර්මාන්ත පද්ධතියක්, ශක්තිමත් ආර්ථිකයක් සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.
ස්ථානය: අධ්‍යක්ෂ මණ්ඩල කාමරය - කාසම
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
