ලෝහ අමුද්‍රව්‍ය හා අතුරු නිෂ්පාදන සඳහා දේශීය අගය එකතු කිරීමේ අවස්ථා හඳුනා ගැනීම සඳහා අදහස් කැඳවීම හා දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ලෝහ අබලි ප්‍රමාණය තක්සේරු කිරීම
ශ්‍රී ලංකාවේ ලෝහ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ අමුද්‍රව්‍ය සහ අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සැලකිය යුතු අගය එකතු කිරීමකින් තොරව හෝ අබලි ලෝහ (Scrap) ලෙස අපනයනය කිරීම හේතුවෙන්, දේශීය කර්මාන්ත සංවර්ධනය, රැකියා උත්පාදනය, ආනයන ආදේශනය සහ අපනයන ආදායම් ඉහළ නැංවීම සඳහා ඇති වැදගත් අවස්ථා අහිමි වෙමින් පවතී.
එබැවින් ශ්‍රී ලංකාවේ ලෝහ කර්මාන්ත ආශ්‍රිත ආයතන සහ කර්මාන්තකරුවන් ,ව්‍යවසායකයන්,නිෂ්පාදකයන්, ආයෝජකයන්,තාක්ෂණි හාඅනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතින් පහත පරිදි තොරතුරු හා යෝජනා කැඳවනු ලැබේ.
ශ්‍රී ලංකාවේ පවතින ලෝහ කර්මාන්ත ආශ්‍රිත අතුරුඵල හා අබලි ලෝහ දේශීයව භාවිත කරමින් වැඩි අගයක් සහිත නිෂ්පාදන බවට පත් කිරීමේ හැකියාවන් හඳුනා ගැනීමට හා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට හැකි වන පරිදි මෙම යෝජනා ඉදිරිපත් කළ යුතුය.
ඒ සඳහා වන යෝජනාවන් පහත අංශ ඔස්සේ ඉදිරිපත් කල හැක
- අගය එකතු කිරීමේ අවස්ථා – දැනට අඩු අගය එකතුකිරීමකින් හෝ Scrap ලෙස අපනයනය කරන ලෝහ අමුද්‍රව්‍ය හා අතුරුඵල( උදා :. Mill scale, Mill powder, Zinc Ash, Al Ash, AL dross, Led acid battery refinery waste – Pb slug, Pb sulpahate sulfuric acid වැනි...) දේශීයව භාවිත කර වැඩි වටිනාකමක් සහිත නිෂ්පාදන බවට පත් කිරීමේ හැකියාවන්.
- ආනයන ආදේශන අවස්ථා – දේශීය ලෝහ අමුද්‍රව්‍ය හා Scrap භාවිතයෙන් දැනට ආනයනය කරන ලෝහ නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාවන්.
- අපනයන සඳහා අගය එකතු කළ නිෂ්පාදන – අබලි ලෝහ හෝ අඩු අගය එකතු කළ ද්‍රව්‍ය වෙනුවට වැඩි වටිනාකමක් සහිත නිමි භාණ්ඩ හා කාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ අවස්ථා.
- තාක්ෂණය හා ආයෝජන අවශ්‍යතා – දේශීය ලෝහ කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, යන්ත්‍රෝපකරණ, ආයෝජන සහ කර්මාන්ත අතර සම්බන්ධතා.
- ප්‍රතිපත්ති හා නියාමන යෝජනා – දේශීය ලෝහ කර්මාන්තය ශක්තිමත් කිරීම සහ දේශීය අගය එකතු කිරීම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නියාමන යෝජනා.
ඔබ දේශීය කර්මාන්ත සඳහා හෝ අහය එකතු කර අපනයන භාණ්ඩ නිෂ්පාදන සහ අබලි ලෝහ භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් ඔබ යෝජනාවට අවශ්‍ය වන පරිදි ලෝහ අබලි (Scrap) ප්‍රමාණය,වර්ගය හා ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු පහත ගූගල් පෝමරය මඟින් ලබා දෙන්න.එමඟින් අබලි ලෝහ සම්බන්ධ දේශීය ඉල්ලුම පිලිබඳ තක්සේරුවක් ලබාගැණීමට අදහස් කෙරේ.
ඔබගේ තොරතුරු හා යෝජනා පහත පරිදි “සභාපති, No 615, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කටුබැද්ද යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ dg@idb.lk යන විද්‍යුත් තැපෑල මඟින් අපවෙත යොමු කරන්න.
දේශීය කර්මාන්ත සඳහා දැනට අවශ්‍ය වන ලෝහ අබලි (Scrap) ප්‍රමාණය ඉදිරිපත් කිරීම සඳහා https://forms.gle/QV4WRLdkbBoQAsgq9
සභාපති,
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
කටුබැද්ද, මොරටුව
| අංකය | ශීර්ෂය | මාධ්‍ය | සබැඳිය |
|---|---|---|---|
| 1 | ලෝහ ආශ්‍රිත දේශීය කර්මාන්ත සඳහා වාර්ශිකව අවශ්‍යවන ලෝහමය අබලි ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණය | ඉංග්‍රීසි | නරඹන්න |
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
