"සුපිළිපන් සංස්කෘතියක් - Clean ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය හා Clean Sri Lanka ජාතික වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සුපිළිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින්, ජාතික සුපිළිපන් දිවුරුම ලබාදීමේ වැඩසටහන අද දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) ශ්‍රවණාගාරයේදී මණ්ඩලයේ සභාපති යසස් හේවගේ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රුචිරා දඹරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වූහ.
ජාතික සුපිළිපන් සතියේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමත්, දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන සංස්කෘතියක් ගොඩනැගීමත් වේ. ඒ අනුව, මෙම වැඩසටහන ජූලි 31 වැනිදායින් පසු ද 2026 දෙසැම්බර් 31 දක්වා සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සුපිළිපන් දිවුරුම මඟින් IDB කාර්ය මණ්ඩලය අවංකභාවය, වගකීම, විනය, නීතියට ගරු කිරීම, මහජන දේපළ ආරක්ෂා කිරීම, දූෂණය හා අක්‍රමිකතා ප්‍රතික්ෂේප කිරීම, පරිසර සංරක්ෂණය සහ යහපත් පුරවැසි වගකීම් ඉටු කරමින් රටේ තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා සිය කැපවීම යළි තහවුරු කළහ.
Venue: IDB
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
