කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විවෘත සංවාදය (Open Circle) IDB හිදී පැවැත්විණි
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සේවක මහත්ම මහත්මීන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු විවෘතව සාකච්ඡා කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විවෘත සංවාදය (Open Circle) 2026 අගෝස්තු 3 වන දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගරු සභාපතිතුමා, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ නියෝජනය කරමින් සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

සංවාදය අතරතුර, ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වත්මන් තත්ත්වය, එහි ඉදිරි ක්‍රියාමාර්ග සහ සේවකයන්ට ඇතිවන බලපෑම් පිළිබඳ කරුණු පැහැදිලි කරන ලද අතර, සේවක මහත්ම මහත්මීන්ට තම අදහස්, ගැටලු සහ යෝජනා විවෘතව ඉදිරිපත් කර ඒවා පිළිබඳ පැහැදිලි කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව, සේවක මහත්ම මහත්මීන්ගේ අදහස් සහ ගැටලු සංවාදයට පෙරම ලබා ගැනීම සඳහා QR කේතයක් (QR Code) හරහා අදහස් ඉදිරිපත් කිරීමේ පහසුකමද සලසා තිබූ අතර, ඒ හරහාද විවිධ යෝජනා, අදහස් සහ ගැටලු රැසක් ලැබී තිබිණි.

සංවාදයේදී සහ QR කේතය ඔස්සේ ලැබුණු ප්‍රශ්න හා යෝජනා සම්බන්ධයෙන් ගරු සභාපතිතුමා සහ පරිපාලන අධ්‍යක්ෂ චමින්ද මහතා විසින් විස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දෙමින් සේවක මහත්ම මහත්මීන්ගේ ගැටලු නිරාකරණය කිරීමට සහ ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගැනීමට කටයුතු කරන ලදී.

මෙවැනි විවෘත සංවාද මඟින් ආයතනික වෙනස්කම් සම්බන්ධයෙන් සේවකයන්ගේ සහභාගීත්වය හා විශ්වාසය ශක්තිමත් කරමින්, විනිවිදභාවයෙන් සහ සහයෝගීතාවයෙන් යුත් සංවිධාන සංස්කෘතියක් ගොඩනැගීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අඛණ්ඩව කැපවී සිටියි.

Venue: IDB