කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහන – නව මුහුණුවරකින් ඉදිරියට

පාසල් සිසුන් තුළ කර්මාන්ත හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහන නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අගෝස්තු 21 වන දින ලක්කම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති යසස් හේවගේ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාර්මික පරිවර්තනයන් සමඟ ඉදිරියට යන ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන පරිදි, පාසල් මට්ටමේ සිටම නව පරපුර තුළ නවෝත්පාදන චින්තනය, ව්‍යවසායකත්ව ආකල්ප සහ කාර්මික කුසලතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

2026 වසරේ වැඩසටහනේ ඉදිරි ක්‍රියාමාර්ග, නව වැඩපිළිවෙළ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සභාපති යසස් හේවගේ මහතා විසින් දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ මණ්ඩලීය නිලධාරීන් දැනුවත් කරන ලදී.

එමෙන්ම, වැඩසටහන දීපව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වයේ වැදගත්කම සහ නියමිත ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්තුමිය විසින් අවධාරණය කරන ලදී.

වැඩසටහනේ ඉදිරි ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීම ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත ප්‍රේමකුමාර මහතා විසින් සිදු කරන ලදී.

Venue: IDB