කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

ඉලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සැපයුම් දාම කළමනාකරණය අත්‍යවශ්‍ය වේ

– කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ –
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමඟ කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්මික අංශයේ සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එය 2023 අප්‍රේල් 10 වැනි දින වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සහ ISMM හි සභාපති ජයන්ත ගල්ලෙහෙවා මහතා විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් කර්මාන්ත අංශයට අදාළ සැපයුම් දාමය කළමනාකරණය කිරීම සඳහා මූලික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට සැලසුම් කර ඇත. එසේම, මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම තුළින් කර්මාන්තශාලාවල සැපයුම් දාම ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ ශක්තිමත් කිරීමට හැකි වේ.

වසර 50ක දීර්ඝ ඉතිහාසයක් ඇති, සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බිහි කරන ප්‍රමුඛතම ආයතනය ISMM වන අතර, කර්මාන්ත සඳහා පහසුකම් සපයන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය සමඟ එක්ව, පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ කර්මාන්ත සඳහා දාම කළමනාකරණය හා සැපයුම් පිළිබඳ වැඩසටහන් රැසක් පැවැත්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය බලාපොරොත්තු වන බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Speaking here, Minister Ramesh Pathirana said,

ස්වාධීන වෘත්තිකයන් සහ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය අවස්තාවන්හිදී සැපයුම් දාම කළමනාකරණ වෘත්තිකයන් බිහි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය වෙත ස්තුතිය පුද කළේය.

ඉදිරියේදී ආනයන ආදේශන සහ අපනයන නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම අත්‍යවශ්‍ය බවත් විශේෂයෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉදිරියට ගෙන ඒම සඳහා එම කර්මාන්තවල සැපයුම් දාම කළමනාකරණය නිවැරදිව හා කාර්යක්ෂමව සිදු කිරීම වැදගත් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. .

මෙහිදී අදහස් දැක්වූ සහ ISMM හි සභාපති ජයන්ත ගල්ලෙහෙවා මහතා, පසුගිය වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් 24 වැනිදා “ජාතික සැපයුම් දාම දිනය” ලෙස නම් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව අමාත්‍යවරයාට ස්තූතිය පළ කළ අතර පසුගියදා පැවති ජාත්‍යන්තර සැපයුම් සමුළුවේ අමාත්‍යවරයා වෙත උපදේශන සටහනක් ද යවා ඇත.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Venue:

ANNOUNCEMENTS
Close