කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනයට, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා "මදර් ශ්‍රී ලංකා" ආයතනය ගිවිසුම් ගත වෙයි........

"මදර් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ගේ නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය උදෙසා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේදී සිදු විය.

මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා "මදර් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියේ සභාපතිනි ජානකී කුරුප්පු මහත්මිය මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව "මදර් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍යය දැනුම, අවබෝධය, පුහුණුව, මෙන්ම නිෂ්පාදන කර්මාන්ත සඳහා රජයේ සහයෝගය, ආධාර අනුබල හා සිලෝන් ප්ලාසා විද්‍යුත් වාණිජ වේදිකාව ඔස්සේ නිෂ්පාදන අලෙවිය, ප්‍රවර්ධනය, ප්‍රචාරයට මෙන්ම වෙළඳපොළ සොයා දීමට ද, සහයෝගය හා ආධාර ලබා දේ.

ස්ථානය: "අපේ ගම" බත්තරමුල්ල

ANNOUNCEMENTS
Close