කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

රටතුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමේදී පුහුණු උපදේශකයින්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා.

“අප රට තුළ ආර්ථික සංවර්ධනය ප්‍රායෝගිකව ජය ගැනීම උදෙසා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගියයුතු බවත්, ඒ සඳහා මෙරට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකළ යුතු බවත්, එම කාර්යභාරය මැනවින් බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කරලීමේ කාර්යේදී දැනට පවතින කර්මාන්ත ව්‍යවසායකයින්ටහා ඉදිරියට බිහිකිරීමට අපේක්ෂිත කර්මාන්ත ව්‍යවසායකයින්ට, නිසි මගපෙන්වීමක් සිදුකිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ප්‍රථම වරට කර්මාන්ත ව්‍යවසායකත්ව පුහුණු උපදේශකයන් පුහුණු කිරීම ආරම්භ කළ බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා රත්මලාන ජල සම්පත් ශ්‍රවණාගාරයේ පැවති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන කර්මාන්ත ව්‍යවසායකත්ව පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩමුළුව අවසන් කළ උපදේශකයින්ට සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයේදීය.

මෙම කර්මාන්ත ව්‍යවසායකත්ව පුහුණු උපදේශක පාඨමාලාව දින 10ක් පැවැත්වුණු අතර, එයට විවිධ විද්වත් වෘත්තීන් නියෝජනය කරන විද්‍යාර්ථයන් 34 දෙනෙකු සහභාගී විය. මෙම දස දින වැඩමුළුව තුළ සහභාගීවූ විද්‍යාර්ථයින්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කරමින්, නව කර්මාන්ත ව්‍යවසායන් ආරම්භ කිරීම, දැනට පවතින ව්‍යවසායන් ඵලදායී ලෙස දියුණු කිරීම, ඒ පිළිබඳ උපායමාර්ග ආදිය අඩංගු විෂය නිර්දේශයක් ඔස්සේ දැනුම ප්‍රායෝගිකවම ලබාදීම සිදුවිය.

මෙම වැඩමුළුවට සහභාගීවූ විවිධ කුසලතා සහිත විද්‍යාර්ථීන් මෙම දසදින පාඨමාලාව තුළින් තමන් ලබාගත් දැනුම පිළිබඳව අගය කරමින් සිය අදහස් දැක්වීය. එසේම ඔවුන මෙරට ආර්ථික සංවර්ධනය සිය උපරිම දායකත්වය ලබාදෙන බවද, ඒ සඳහා ව්‍යවසායකයින්ට පුහුණු ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලීය සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.
“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ 500කට වැඩි කාර්යය මණ්ඩලයට, ඔබ සැමත් අලුතින් එක්ව සාමාජිකයින් ලෙස අප පිළිගන්නවා. අපේ ආයතනය, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමට ගෙනයන” මෙම ව්‍යවසායමය නගරයේ සිට ගමේ බිම් මට්ටම දක්වා කාන්දු කිරීමට, ඔබගේ දායකත්වය සහයෝගය නිරන්තරයෙන්ම ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ ව්‍යාපාර විද්‍යාත්මකව උපායමාර්ගිකව ගොඩනැගීම සඳහා ඔබගේ දැනුම, අමතර ඉගැන්වීමක් ලෙස රටපුරා ව්‍යවසායකයින්ට ලබාදී ඔවුන්ව සවිමත්ව ගොඩනගන ලෙස මම ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්.සමරකෝන්, අධ්‍යක්ෂ (ව්‍යවසායකත්ව සංවර්ධන) රේණුකා ජයලත්, අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) පී.පී.පී.එස්.දික්වැල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ව්‍යවසායකත්ව සංවර්ධන) රංජිත් පද්මලාල්, මහත්වරු සහභාගීවිය.

මාධ්‍ය ඒකකය
කාර්මික සංවර්ධන මණ්ඩලය

ස්ථානය: CEWAS - රත්මලාන

ANNOUNCEMENTS
Close