කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

1969 අංක 36 දරණ පණතින් පිහිටුවන ලද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිමත් කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වගකීම් පවරන ලද රාජ්‍ය අංශයේ ප්‍රමුඛ පෙළේ සංවිධානයකි.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ පුරප්පාඩුව ඇති පහත සඳහන් තනතුර සඳහා බඳවා ගැනීම පිණිස සුදුසුකම්ලත් යෝග්‍යතාපූර්ණ අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අධ්‍යක්ෂ ජනරාල් - (HM 2-1)

 රැකියා විස්තරය :

  1. මණ්ඩලයේ සමස්ත පරිපාලනය, මූල්‍ය සහ මෙහෙයුම් පාලනය.
  2. හඳුනාගත් නව ප්‍රවණතා, කර්මාන්ත ආශ්‍රිත මූලාශ්‍ර සහ කාර්මික ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා සෘජු ක්‍රියාකාරකම් ඇතුළු සැලසුම් සකස් කිරීම.
  3. මණ්ඩලයේ ආදායම ඉහළ නැංවීම සඳහා සැලසුම් සහ සෘජු ක්‍රියාකාරකම් සකස් කිරීම
  4. ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ උපදේශක මණ්ඩලය.
  5. ආයතනික ව්‍යුහය සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණය වෙනස් කිරීමට ආයතනික නායකත්වය සැපයීම.
  6. අදාළ ආයතන අතර සම්බන්ධීකරණ කටයුතු වලට සහභාගී වීම.
  7. සභාපතිවරයාගේ සහ මණ්ඩලයේ උපදෙස් පරිදි අනෙකුත් ආයතනවල රැස්වීම්වලදී මණ්ඩලය නියෝජනය කිරීම.
  8. ජාත්‍යන්තර නියෝජිතායතනවලට අදාළ වැඩකටයුතුවලට සහභාගි වීම.
  9. මණ්ඩලයේ සුමට ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කිරීම.
  10. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ නිල වාර්තා සහ ප්‍රකාශන සකස් කිරීම.
  11. සියලුම අංශ විසින් හඳුනාගෙන පවත්වනු ලබන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම.
  12. සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරන ලද වෙනත් රාජකාරි.

 

අධ්‍යාපන /වෘත්තීය සුදුසුකම්
 

  1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඕනෑම විෂයයක් පිළිබඳ ප්‍රථම උපාධියක්.

සහ

විද්‍යාව/ කෘෂිකර්මය/ ව්‍යාපාර පරිපාලනය /කළමනාකරණය / රාජ්‍ය පරිපාලනය /
ආර්ථික විද්‍යාව / වාණිජ / LLB පිළිබඳ පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති) හෝ or Associate
ICASL/CIMA/ACCA හි ආශ්‍රිත සාමාජිකත්වය.

සහ

අවම වශයෙන් වසර විස්සක (20) "කළමනාකාර මට්ටමින්" පළපුරුද්දක් තිබිය යුතු අතර එයින් වසර 05 ක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මට්ටමේ රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක/ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක සනාථ කළ හැකි පළපුරුද්ද.

හෝ

  1. පිළිගත් වෘත්තීය වරලත්, ඉංජිනේරු (IESL/ICE/IEE/IME), ගණකාධිකරණ (ICASL/CIMA/ACCA) හෝ කළමනාකරණය පිළිබඳ ආයතනයක පූර්ණ සාමාජිකත්වය.

සහ

රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක/ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක "කළමනාකරණ මට්ටමින්" අවම වශයෙන් වසර පහළොවක (15) පළපුරුද්ද.

 හෝ

  1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඕනෑම විෂයයක් පිළිබඳ ප්‍රථම උපාධියක්.

සහ

අදාළ ඕනෑම ක්ෂේත්‍රයක ආචාර්ය උපාධිය.(PhD)

සහ

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක සනාථ කළ හැකි කළමනාකරණ පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මට්ටමේ අවම වශයෙන් වසර 05 ක පළපුරුද්ද.

   වැටුප් පරිමාණය - HM 2-1 - රු. 91,645 – 12 x 2700 - 124,045/-
  1. පහසුකම් හා වරප්‍රසාද :
    • වර්ෂයක් තුල භාවිතයට නොගත් වෛද්‍ය නිවාඩු සඳහා මුදල් ගෙවීම කිරීම.
    • සේවකයා සහ පවුල ආවරණය වන පරිදි වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම.
    • රාජ්‍ය ව්‍යපාර චක්‍රලේඛ අංක PED 01/2015 සහ 01/2015 (ii) අනුව HM කාණ්ඩය සඳහා ප්‍රවාහන පහසුකම් හෝ දීමනාව ලබා දෙනු ඇත.
    • කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අංක 05/2017 අනුව වෘත්තීය දීමනාව.
    • අංක 02/2022 දරන රාජ්‍ය ව්‍යපාර චක්‍රලේඛයට අනුව සන්නිවේදන පහසුකම්.
    • වාර්ෂික ප්‍රසාද දීමනාව
    • සහනදායී පොලී අනුපාත යටතේ ආපදා ණය.
    • අග්‍රහාර රක්ෂණ ක්‍රමය
  1. පොදු කොන්දේසි
    1. මෙය මණ්ඩලයේ ස්ථිර තනතුරකි.
    1. තනතුරට තෝරාගනු ලබන අයදුම්කරු, සේවකයා විසින් 10% ක් හා මණ්ඩලය විසින් 12% ක් ගෙවන සේවක අර්ථසාධක අරමුදලට (EPF) හිමිකම් ලබයි. මීට අමතරව සේවක භාරකාර අරමුදලට (ETF) මණ්ඩලය 3% ක දායකත්වයක් ලබාදේ.
    1. අයදුම්පත් සමඟ උප්පැන්න, අධ්‍යාපන,වෘත්තීය, පළපුරුද්ද හා වෙනත් අදාළ සහතිකවල පිටපත් ඉදිරිපත් කළයුතුය. ඔබේ ජීව දත්ත සහ ඥාති නොවන නිර්දේශකයින් දෙදෙනෙකු පිළිබඳ විස්තර ඇතුළත් අයදුම්පත් 2023.10.24 දින හෝ ඊට පෙර ලැබෙන සේ පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළයුතුය. අයදුම්පත් බහාලන කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි අයදුම් කරන තනතුර සඳහන් කළයුතුය.
    1. රජයේ දෙපාර්තමේන්තු/සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයින්ගේ අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානීන් මඟින් ඉදිරිපත් කළයුතුය.
    1. වයස් සීමාව - අවුරුදු 35 ට නොඅඩු විය යුතු අතර, අවුරුදු 55 ට නොවැඩි වියයුතුය.
    2. ඉහත සඳහන් සියලුම අවශ්‍යතාවයන් හා සමඟ අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ.
    3. කුමන ආකාරයකින් හෝ පෙළඹවීම් කිරීම නුසුදුසුකමක් ලෙස සැළකෙනු ඇත.

 

සභාපති
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව.   

 

ANNOUNCEMENTS
Close